කලංසූරිය – නන්දසිරි, ඔබ දෙපළටම පින්!

Date:

‘අහස් ගව්ව’ හැත්තෑ ගණන්වල ඉස්කෝලෙ ගිය අපව, කලාවේ සුන්දරත්වය කරා ගෙනගිය මහඟු නිර්මාණයක්. එය එකල රටේ සමස්ත සිනමා ලෝලීන්ටම ආස්වාදයක් ගෙනදුන් චිත්‍රපටයක් වුණත් ‘ධර්මරාජයේ’ අපව ඊටත් වඩා අමන්දානන්දයට පත් කළා. ඊට හේතුව තමයි අහස්ගව්වට ධර්මරාජීය විශිෂ්ටයන් තුන්දෙනෙකුම නිර්මාණකරණයෙන් දායක වී තිබීම.

ධර්මසේන පතිරාජගේ අධ්‍යක්ෂණය – අමරසිරි කලංසූරියගේ ප්‍රධාන භූමිකාව – දයා තෙන්නකෝන්ගේ රංගන දායකත්වය තමයි ඒ කාරණා.

මේ තුන්දෙනාගෙන් මෙතෙක් ඉතුරුවෙලා හිටියේ කලං විතරයි. අද ඔහුත් නික්ම ගියා.

ඒ වගේම අහස් ගව්ව නිෂ්පාදක මිත්‍රරත්න හේරත් සහ සහය අධ්‍යක්ෂ පියල් බී. හේරත් දෙන්නත් ධර්මරාජයේමයි.

මං දළදා මාලිගාවේ සිංහාසන මන්දිරයේ චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බේ 1979දි. සංවිධාන වැඩ හින්දා ප්‍රදර්ශනේට දවස් තුනකට කලින් තමයි කලංගේ My Inn සාප්පුවට ගිහින් ඇඳුමක් මහන්න දෙන්න පුළුවන් වුණේ. මගේ කතාව අහපු කලං ‘මල්ලි මං හෙට දෙන්නං’ කියලා කිවුවා. ඒ කිවුවා වගේම පහුවදා මං යනකොට‌ මගේ වැඩේ කරලා තිබ්බා.

මේ රූපයේ උඩින් තියෙන රූපරාමුව එකල අහස්ගව්වේ ප්‍රචාරක කටයුතුවලට ගත් කලං ඉන්න ජනප්‍රිය දර්ශනයක්. බ්ලොක් ප්‍රින්ටින් තිබ්බ ඒ කාලෙ මේ බ්ලොක් එක අපේ සඟරාවක වැඩකට කොළඹ මුද්‍රණාලයකින් ඉල්ලාගෙන ඇවිත් අපි ළඟ තිබිච්ච ටික දවසට, අපි ඒක යොදාගෙන එකඑක්කෙනාගෙ නම් දාගෙන ලෙටර්හෙඩ් පවා මුද්‍රණය කරගත්තා.

ඒකම මං රිවර්ස් ක්‍රමයට කළු කාබන් පෑනෙන් ඒ කාලේ අතින් ඇඳපු කාඩ් එකක් තමයි යට තියෙන්නේ. ඒකේ දකුණෙන් තියෙන, අද අවසන් ගමන් යන සනත් නන්දසිරි සූරීන් ගයන ගීයේ කොටස බ්ලේඩ් තලයකින් හූරලා තමයි සුදු රිවර්ස් එක කරලා තියෙන්නේ.

අමරසිරි කලංසූරිය – සනත් නන්දසිරි, ඔබතුමන්ලා අප වෙනුවෙන් ඉතිරි කරගිය සොඳුරු නිර්මාණ අවුරුදු 50ක් තිස්සේම අප අමන්දානන්දයට පත් කළා වගේම තවත් පරම්පරා ගණනාවක් මිහිරෙන් මිහිරට පත් කරනු නියතයි. ඔබ දෙපළටම පින්!

පුෂ්පනන්ද ඒකනායක (Facebook)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...