*
Thursday, April 3, 2025
spot_img

Latest Posts

විදේශ අංශයේ වත්මන් තත්ත්වය – මුළු විදේශ ණය හා මුළු විදේශ ආයෝජන ප්‍රමාණය

පසුගිය 2024 වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,206ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඊට පෙර, 2023 වසර තුළද ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වුනා. එහෙත්, 1956 වසරින් පසුව, 1965දී සහ 1977දී හැර, 2022 දක්වා සෑම වසරකදීම ලංකාවේ ජංගම ගිණුමේ දැකිය හැකි වූයේ හිඟයක්. 1965 සහ 1977 යනු ගෙවුම් ශේෂ අර්බුද හමුවේ රුපියලේ අගය විශාල ලෙස අවප්‍රමාණය කරනු ලැබු වසර දෙකක්.

පසුගිය 2023 හා 2024 දෙවසර තුළද ණය හා පොලී ගෙවීම් නිසි පරිදි සිදු නොවූ බවත්, ආනයන පාලනය කර තිබූ බවත්, අපට තවමත් අමතක නැති කරුණු දෙකක්. ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වීමට එම කරුණුද හේතු වුනා. එහෙත්, එවැනි තත්ත්වයක් තුළ වුවද, ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීම යහපත් ප්‍රවණතාවයක්. පසුගිය (2024) වසරේ ජංගම ගිණුමේ අතිරික්තය හැදුනේ පහත පරිදියි.

විදේශ විණිමය ලැබීම් (2024):

භාණ්ඩ අපනයන – ඩොලර් මිලියන 12,772

සේවා අපනයන – ඩොලර් මිලියන 6,910

ප්‍රාථමික ආදායම් – ඩොලර් මිලියන 610

ද්වීතියික ආදායම් – ඩොලර් මිලියන 6,585

එකතුව – ඩොලර් මිලියන 26,877

විදේශ විණිමය ගෙවීම් (2024):

භාණ්ඩ ආනයන – ඩොලර් මිලියන 18,841

සේවා ආනයන – ඩොලර් මිලියන 3,475

ප්‍රාථමික ආදායම් (ගෙවීම්) – ඩොලර් මිලියන 3,208

ද්වීතියික ආදායම් (ගෙවීම්) – ඩොලර් මිලියන 146

එකතුව – ඩොලර් මිලියන 25,671

මෙම සාධනීය ප්‍රවණතාව මෙම (2025) වසරේ පළමු මාස දෙක තුළද දැකිය හැකි අතර ජනවාරි හා පෙබරවාරි දෙමස තුළ ඩොලර් මිලියන 489ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ පහත පරිදියි.

විදේශ විණිමය ලැබීම් (2025 ජනවාරි හා පෙබරවාරි):

භාණ්ඩ අපනයන – ඩොලර් මිලියන 2,106

සේවා අපනයන – ඩොලර් මිලියන 1,370

ප්‍රාථමික ආදායම් – ඩොලර් මිලියන 104

ද්වීතියික ආදායම් – ඩොලර් මිලියන 1,121

එකතුව – ඩොලර් මිලියන 4,701

විදේශ විණිමය ගෙවීම් (2025 ජනවාරි හා පෙබරවාරි):

භාණ්ඩ ආනයන – ඩොලර් මිලියන 3,250

සේවා ආනයන – ඩොලර් මිලියන 544

ප්‍රාථමික ආදායම් (ගෙවීම්) – ඩොලර් මිලියන 391

ද්වීතියික ආදායම් (ගෙවීම්) – ඩොලර් මිලියන 28

එකතුව – ඩොලර් මිලියන 4,213

දශක ගණනාවක් අඛණ්ඩව පැවති ලංකාවේ ජංගම ගිණුමේ හිඟයට ප්‍රධානම හේතුව වූයේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරන අතර එයින් සැලකිය යුතු කොටසක් විදේශ ණය වලින් පියවා ගැනීම සහ එම විදේශ ණය වල උදවුවෙන් රුපියලේ අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. ඒ නිසා, රජයේ අයවැය හිඟය තුලනය කරගෙන රුපියලේ අගය නිදහසේ තීරණය වෙන්නට ඉඩ දීමෙන් පසුව ජංගම ගිණුමේ හිඟය තව දුරටත් එලෙසම නඩත්තු වන්නේ නැහැ.

දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් නඩත්තු වෙද්දී, එම හිඟය පූරණය වන පරිදි, ණය හෝ ආයෝජන ලෙස විදේශ ප්‍රාග්ධනය රටට පැමිණිය යුතුයි. මේ ආකාර දෙකෙන්ම පැමිණෙන විදේශ විණිමය නිසා රටේ විදේශ වත්කම් වලට සාපේක්ෂව විදේශ බැරකම් ඉහළ යනවා. එමගින් ඇතිවන ශුද්ධ විදේශ වත්කම් හිඟය නිසා ප්‍රාථමික ආදායම් ලැබීම් වලට සාපේක්ෂව ප්‍රාථමික ආදායම් ගෙවීම් ඉහළ යනවා. පහත තිබෙන්නේ පසුගිය (2024) වසර අවසානයේදී ලංකාවේ විදේශ වත්කම් හා බැරකම් ප්‍රමාණ.

විදේශ වත්කම් (2024 අවසානයේදී):

රජය – නැත

මහ බැංකුව – ඩොලර් මිලියන 6,122

බැංකු – ඩොලර් මිලියන 5,188

අනෙකුත් ආයතන හා පුද්ගලයින් – ඩොලර් මිලියන 3,312

එකතුව – ඩොලර් මිලියන 14,542

විදේශ බැරකම් (2024 අවසානයේදී):

රජය – ඩොලර් මිලියන 37,599

මහ බැංකුව – ඩොලර් මිලියන 4,874

බැංකු – ඩොලර් මිලියන 4,980

අනෙකුත් ආයතන හා පුද්ගලයින් – ඩොලර් මිලියන 20,572

එකතුව – ඩොලර් මිලියන 68,025

රජයේ, මහ බැංකුවේ සහ බැංකු වල විදේශ බැරකම් සියල්ල විදේශ ණය වන අතර අනෙකුත් ආයතන හා පුද්ගලයින්ගේ විදේශ බැරකම් වලින් ඩොලර් මිලියන 9,680ක්ද විදේශ ණයයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,133ක් වන අතර විදේශ බැරකම් වලින් ඉතිරි කොටස වන ඩොලර් මිලියන 10,892 රටේ දැනට ඇති ණය නොවන මුළු විදේශ ආයෝජන ප්‍රමාණයයි.

~ ඉකොනොමැට්ටා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan