රාජාංගනේ හාමුදුරුවන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 02 , කොළඹ (LNW):

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙන බව වාර්තා වේ. එයට හේතු වන්නේ,රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වීමයි.

සංඝ සභාවෙන් නෙරපා හැරි බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය , බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයට අද  දැනුම් දී ඇත.

රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ පසුගිය 21.02.2025 දින විනය කමිටුවට ඉදිරිපත් කර ඉන් වැරදිකරු කර භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇතැයි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිට ඇත.

මෙවැනි අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...