රාජාංගනේ හාමුදුරුවන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 02 , කොළඹ (LNW):

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙන බව වාර්තා වේ. එයට හේතු වන්නේ,රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වීමයි.

සංඝ සභාවෙන් නෙරපා හැරි බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය , බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයට අද  දැනුම් දී ඇත.

රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ පසුගිය 21.02.2025 දින විනය කමිටුවට ඉදිරිපත් කර ඉන් වැරදිකරු කර භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇතැයි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිට ඇත.

මෙවැනි අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...