අලි ඇතුන් ඝාතනයට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් තැබේ! (PHOTO STORY)

Date:

කොළඹ LNW:අලි ඇතුන් ඝාතනයට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අද (02) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය විසින් එය සංවිධානය කර තිබුණු අතර ඊට මහජන සහයද හිමිවිය.

අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය මෙන්ම පටු දේශපාලන තීන්දු හේතුවෙන් මේ වන විට අලි මිනිස් ගැටුම උච්චතම තැනක තිබෙන අතර 2025 වසරේ දී පමණක් විවිධ හේතු මත අලි ඇතුන් 56ක් මරණය පත්ව තිබේ.

ඒ අතර වෙඩි වැදීමෙන් අලි 20 ක් මරණයට පත්ව තිබෙන අතර අනවසර විදුලි රැහැන් හේතුවෙන් අලි මරණ 12ක් වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය පවසන්නේ.

මේ අතර දුම්රිය අනතුරු මඟින් අලි 10ක් මියගොස් තිබේ. හක්කපටස් හේතුවෙන් අලි 09කුට දිවි අහිමි වී තිබෙන අතර දියේ ගිලීම් හේතුවෙන් අලි මරණ 05ක් වාර්තා වී තිබේ.

තත්ත්වය එසේ තිබියදී අනෙක් පසින් අලි ඇතුන් මෙන්ම සෙසු වනජීවී නිසා සංචාරක කර්මාන්තය හරහා මෙරටට විශේෂ අදායමක් ද හිමිව ඇත.

ඒ අනුව 2025 වසරේ ගෙවුණු කාලය තුළ උඩවලව සංචාරක කලාපයෙන් රු. මිලියන 720ක් පමණ ,යාල වෙතින් රු. මිලියන 900ක් පමණ සහ වෙනත් වන සංරක්ෂණ කලාප වෙතින් රු මිලියන 225ක් පමණ ලෙස අදායම් උපදවා ඇති බවද ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය පවසයි.

මෙම තත්ත්වය මත වන අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් රටක් ලෙස මැදිහත්විය යුතු බව ඔවුන් අවධාරණය කර සිටියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...