මැතිවරණ පැමිණිළි 450ට ලංවෙයි!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 413ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉන් පැමිණිලි 382ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 03ක් බව පැවසේ.

පසුගිය 20 වනදා සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති පැමිණිලි 413න් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි.

එම පැමිණිලි සංඛ්‍යාව 368ක්. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටද පැමිණිලි 45ක් ලැබී ඇති බවයි

ඒ අනුව ඇති සමස්ත පැමිණිලි 413න් 357ක් මේ වන විට විසඳා තිබෙන බවද සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ, සෙසු පැමිණිලි 56 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...