ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: ඉරානයේදී සිය මූලික අරමුණ සම්පූර්ණ වීමට නියමිත බවත් ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබේ.
ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන අතර එම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් “ශිලා යුගය” දක්වා ආපස්සට ඇද දමන බවට ඔහු අනතුරු අඟවන ලදී.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව්ගත කිරීම සුරක්ෂිත කිරීම සඳහා “ධෛර්යය ගොඩනඟා ගන්නා” ලෙස ජනාධිපති ට්‍රම්ප් සිය මිත්‍ර පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටි අතර, එක්සත් ජනපදයට එම ඉන්ධන අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේය.
ඔවුන්ට ඇමරිකාව තුළ නිෂ්පාදනය කරන ඉන්ධන මෙන්ම වෙනිසියුලාවේ ඉන්ධන පවතින බවත් සෙසු රටවල්වලටද ඇමරිකානු තෙල් මිලදී ගන්නා ලෙස පවසන බවද ජනාධිපතිවරයා පවසන ලදී.
ඊශ්‍රායලය සහ ගල්ෆ් රාජ්‍යයන් ඇතුළු කලාපයේ එක්සත් ජනපද මිත්‍ර පාර්ශව වෙත ජනාධිපති ට්‍රම්ප් ස්තූති කිරීමටද කරටයුතු කර තිබුණි.
“ඔවුන් විශිෂ්ටයි, අපි ඔවුන්ට කිසිම ආකාරයකින්, හැඩයකින් හෝ ආකාරයකින් හානියක් වීමට හෝ අසාර්ථක වීමට ඉඩ නොදෙමු,” යනුවෙන් ඔහු පවසා තිබේ.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කතාවේදී හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් මාර්ගයට ඇති වන බාධා ඉක්මණින්ම සමනය වන බවට ගෝලීය තෙල් වෙළඳපොළට සහතික කිරීමට අදාළව කිසිවක් සිදු නොවූ හෙයින් ගෝලීය තෙල් මිල ඉහළ ගොස් තිබේ.
ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ක් පමණ වූ අතර එය කතාව අතරතුර උච්චාවචනය වූ නමුත් දැන් එය ඉහළ යමින් පවතින බවත් දැනට ඩොලර් 105.38 ක් පමණ වන අතර එය 4% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
කෙසේවෙතත් ලෝකයේ බලශක්තියෙන් 20% ක් පමණ සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බැවින් මෙම සමුද්‍ර සන්ධිය ගෝලීය ආර්ථිකයට ඉතා වැදගත් වේ.




