Home විදෙස් ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටීමක!

ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටීමක!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉදිරි සති දෙක තුන තුළ ඉරානයේ බලශක්ති කේන්ද්‍ර වෙත දරුණු පහරදීම් සිදුකරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ආසියාවේ ප්‍රධාන කොටස් දර්ශක පහළට වැටී තිබෙන අතර එය පෙර ලාභ ආපසු හැරවීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව ජපානයේ නිකේයි 225 1.5% කින් ද, දකුණු කොරියාවේ කොස්පි 2.6% කින් ද, හොංකොං හි හැන්ග් සෙන්ග් 1% කින් ද පහත වැටී ඇත.

පෙබරවාරි අවසානයේ ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට කලාපයේ කොටස් වෙලඳපොලවල් අස්ථාවර වී තිබෙන අතර ආසියාව එහි බලශක්ති සැපයුම් සඳහා මැද පෙරදිග මත දැඩි ලෙස රඳා පවතින බැවින් ගැටුමේ බලපෑමට විශේෂයෙන් ගොදුරු වී සිටින බවයි විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙන්නේ.