නිශ්මං රණසිංහ ,අප්‍රේල් 02, කොළඹ LNW:
යාපනයෙන් පැමිණි ශාන්ත මේරි කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී ජාවා ලේන් (Java Lane SC) කණ්ඩායම නිදහස් පහරවලින් පරාජය කරමින් ද, සෝන්ඩර්ස් කණ්ඩායම සෙරන්ඩිබ් (Serendib FC) කණ්ඩායම ගෝල 4-2 ක් ලෙස පරාජය කරමින් ද චැම්පියන් කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය;මේ අනුව මෙම තරගාවලියේ අවසාන තරගය උතුර සහ බස්නාහිර අතර තරගයක් බවට පත්වන අතර යුද්ධයකින් තොර රටක ක්‍රීඩාවට ලැබෙන ඉහළම ආශිර්වාදාත්මක මොහොතක් ලෙස මේ අවසාන තරගය හැඳන්විය හැකිය.අවසාන තරගය මාර්තු 4 වන දා පස්වරු 6.00 ට පැවත්වීමට තුරග තරග පිටිය සූදානමින් සිටින අතර මෙය ක්‍රීඩා සමාජ දෙකක තරගයකට වඩා පළාත් දෙකක පාපන්දුව අතර ගැටුමක් වනු ඇත.
උතුරේ පාපන්දුවේ ශ්‍රී ලංකා දායකත්වය යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණු අනගි දායාදයකි.එසේ කණ්ඩායමට පැමිණි ක්‍රිඩකයන් අතරින් ඩක්සන් පුස්ලස් වැනි අකාලයේ මිය ගිය ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ ආරක්ෂක පෙළ ක්‍රීඩකයා අතිශයින් වැදගත් සංඛේතයකි.එසේම නිලූෂන් මෙන්ම මේ වන විට නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අනුජන් රාජේන්ද්‍රන් ද උතුර හරහා ශ්‍රී ලංකාවට ලැබුණ වර්ථමානයට වටිනා සම්පතක්ය.යුද්ධයට පෙර සහ පසු උතුර පමණක් නොව නැගෙනහිර පාපන්දු ක්‍රීඩාවද ජාතික තලයෙන් කැපී පෙණෙන තරනක තිබුණ අතර එහි කුටාප්ප්‍රාප්ති මොහොතක් හැටියට චැම්පියන්ස් කුසලාන අවසාන තරගයට සෙව්ට් මේරීස් කණ්ඩායමේ පිවිසීම හැඳින්විය හැකිය.
එසේම ජාතිත ලීග් තරගාවලියේ සුපිරි අට වටය තුළ නොසිතූ පරිදි පහත වැටුණු සෝන්ඩර්ස් කණ්ඩායම ද අවසාන තරගයට පිවිසෙන්නට සමත් වීම කැපී පෙණෙයි.ඔවුන් ලීග් තරගාවලියේ තෙවන තැන සිටි සෙරන්ඩිබ් කණ්ඩායමට එරෙහිව අවසාන තරගය පිවිසියේ ගෝල 4-2 ක් ලෙස වූ ජයකින්ය.රොජ්ර් පිලිප්ස්,මොහොමඩ් අසීස්,මොහොමඩ් ෆවුසාල් සහ ක්ලෝවිස් ෆෑන්ක් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ගෝලලාභීහූ වූහ.ඔවුන් ගෝල හතරම පළම අර්ධ තුළදීම වාර්තා කිරිම කැපී පෙණින.
පළමු අර්ධය නිමාවන විට සෙරන්ඩිබ් කණ්ඩායම වෙනුවෙන් ද ගෝලයක් වාර්තා කරන්නට මොහොමඩ් රහුමාන් සමත්ව සිටියේය.දෙවන අර්ධයේදී සෝන්ඩර්ස් ක්‍රීඩකයන්ව ගෝල ලබා ගැනීමට නොදී ආවරණය කිරීමට සෙරන්ඩිබ් ක්‍රීඩකයන්ට හැකි වූවා මෙන්ම දෙවන අර්ධයේ වාර්තා වූ එකම ගෝලය ද සෙරක්ඩිබ් කණ්ඩායමට එකතු විය.එම ගෝලය සබා ගත්තේ රාජ්කුමාර අභිලාෂන් ය.



