විශාල දේශාටන ගැන සිහින දකිමු ….

Date:

මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා. මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම් වලට ගහල පන්නන්න ලංකාවේ පොලිස් රාජ්‍යය කටයුතු කරලා තියනවා.

මම හිතන්නේ මිරිහානෙන් පටන්ගත්තේ මහත් වූ ඇරඹුමක්. නිකම් සංචාරයක් නෙවෙයි. නමුත් කුමක් හෝ හේතුවක් හෝ හේතු ගණනාවක් නිසා ඒක සංචාරයකින් කෙලවර උණා (travel).

මේ යුගයේ මිනිස්සු කැමති පොඩි පොඩි සංචාරවලට මිසක් අර යුලිසීස්‌ ගියා වගේ ලොකු දේශාටන වලට නෙවෙයි (voyage -සමුද්‍ර යාත්‍රා). සංචාරකයෙක් සාමාන්‍යයෙන් කරන්නේ ටිකක් දුර ගමනක් ගිහින් ආයෙත් ගෙදර එන්න සිහින දකින එක. හැබැයි දේශාටන යාත්‍රිකයෙක් එහෙම ආයේ ගෙදර ඒමක් ගැන ලොකු සිහින දකින්නේ නැහැ. ඒක විශාල දුර ගමනක් නිසා ආපසු ඒමක් ගැන සිතන්නත් බැහැ. සිතුවත් ඒ පැමිණීම පහසු නැහැ.

ඉතින් දේශපාලනය ඇතුලේ එහෙම කවදාවත් දැකල නැති, දන්නේ නැති ගමනක් යන්න මිනිස්සු එකතුකර ගන්න එක පහසු නැහැ. මේ අපි දන්නා ජීවන ක්‍රමය (known) වෙනුවට අපි නොදන්නා ජීවන ක්‍රමයක් (unknown) වෙත යන්න මිනිස්සු බය වෙනවා වෙන්නත් පුළුවන්.

ඉතින් අරාබි වසන්තය, රෝස විප්ලවය, ජැස්මින් විප්ලවය, වෝල් ස්ට්‍රීට් වාඩිලා ගැනීම වගේ අපේ සමකාලීන ජීවිතය ඇතුලේ අත්දුටුව ගොඩක් ජනතා නැගිටීම් සංචාරයක් දක්වා ගිහිල්ල නැවතුණා. හැබැයි සාර්ථක අසාර්ථක බව මොකක් උනත් විසි වෙනි සියවසේ රුසියාව, චීනය, නැගෙනහිර ජර්මනිය, කියුබාව වගේ තැන්වල මිනිස්සු එහෙම දීර්ඝ සමුද්‍ර යාත්‍රා වෙනුවෙන් ගමන් ආරම්භ කරන්න අධිෂ්ඨාන කර ගත්ත.

ඒ යාත්‍රාකිරීම සඳහා නිර්භීත යුලිසීස් කෙනෙකුත් අවශ්‍ය වෙනවා. රුසියාවට ලෙනින් හිටිය, චීනයට මාවෝ හිටිය, කියුබාවට ක්‍රස්තෝ හිටිය. චේ හිටිය.

ඒ යාත්‍රාකිරීම ඇතුලේ නොදන්නා දේවල් දැකගන්න එයාලට පුළුවන් උණා. ලෝකයේ තියෙන්නේ හෝ තිබිය යුත්තේ මේ අපි දන්නා ක්‍රමය විතරක් නෙවෙයි කියල අවම වශයෙන් ලෝකයේ එක පරම්පරාවක් හරි තේරුම් ගත්ත.

එහෙම දිගු යාත්‍රාවක් වෙනුවෙන් නෙවෙයි වෙන්න ඇති එදා මිරිහානේ තරුණ අම්මා තමන්ගේ කිරි සප්පයත් එක්ක එළියට බැස්සේ. හැබැයි ලොකු ගමනක් ගැන සිහිනයක් එයාට තියෙන්න ඇති. අපි හැමෝගෙම යටිසිතේ ඒක තියනවා.

හැබැයි ආයෙත් අපි දැන් ඉන්න දුක්ඛිත තැන දිහා බලපුවම තේරෙන්න ඕනි අපි එහෙම නිර්භීත මහා දේශාටන කරන්න ඕනි කියල.

මිරිහානේ අම්මා එදා එළියට බැස්ස කිරි සප්පයා වෙනුවෙන් එහෙම දේශාටනයක් කරන්න යුතුකමක් අපි හැමෝටම තියනවා.

මොකක් හරි ආරම්භයක් අපි අරන් තියනවා. ඒ ගමන අවසන් නැහැ… ඒ ගමන අවසන් කරන්නත් පොලිසියේ කිහිප දෙනෙකුට බැරි වෙයි.

ඒකට ඉතිහාසය සාක්කි දරාවි ….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...