ඡන්දය නොතිබ්බොත් ලක්ෂ ගණන් ජනතාව කොළඹට ගේනවා – හේවගේ

Date:

මාස දෙක තුනක් තුළ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළහොත් ලක්ෂ ගණනින් ජනතාව සමග කොළඹට පැමිණ විරෝධය පළකරන බව ජාතික ජන බලවේගයේ නායකයකු වන, හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි.

“විශේෂයෙන් මේ පින් ජනාධිපතියි, ඔහුට මුක්කු ගහන මහින්ද රාජපක්ෂයි එකතුවෙලා මේ රටේ මිනී පෙට්ටියට අවසන් ඇනය ගහන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා අද එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය හකුළලා, ජනතාවගේ බෙල්ල මිරිකලා, ත්‍රස්තවාදී පනත්වලට සංශෝධන ගෙනල්ලා පාරට බැස්සොත් වැඩවර්ජනය කළොත් අවුරුදු 20කට හිරේ දාන්න හදන රනිල්ලාට මහින්දලාට පණිවිඩයක් දෙන්න මේ ආවෙ. ඒ වගේම රටේ තියෙන සම්පත් විදේශ රටවල විකුණන එක නතර කරපං කියන පණිවිඩය දෙන්න මේ එකතු වුණේ. ඒක නිසා රනිල්ලා මහින්දලා දැනගන්න ඕනෙ මේක ප්‍රජාතන්ත්‍රවාදය හකුළලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ජනතාව ඉන්නේ හාමතේ, විරැකියාවේ, ප්‍රශ්න කෝටියක් මැද්දේ. ඒ ප්‍රශ්නවලට රනිල්ලා මහින්දලා උත්තර දෙන්න ඕනෙ. ඒක නිසා බඩුමිල අඩුකරපන්, විරැකියාවට උත්තර දීපන්, අනිත් පැත්තෙන් නියමිත ඡන්දය වෙලාවට තියන්න ඕනෙ. මාස දෙක තුනක් ඇතුළත ඡන්දය තියන්නේ නැත්නම් අපි ලක්ෂ ගණනින් කොළඹට එනවා, මේ රටේ හැමතැනින්ම ජනතාව එකතු කරන් කොළඹට එනවා. ඒක වළක්වන්න බෑ”

නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...