ණය හිමියන්ට දැනුම් දීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට දැනුම් දී ඇත්තේ , ශ්‍රී ලංකා රජය අපේක්‍ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති බවයි.

එම ඉදිරිපත් කිරීමේදී මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ළඟාකර ගැනීම සහ රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ණය තිරසර බව යළි ඇති කිරීම, මිල ස්ථායීතාව යළි ඇති කිරීම සහ බාහිර ස්වාරක්‍ෂක යළි ගොඩනැඟීම, මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරැකීම, දූෂණ අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සහ තවදුරටත් වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි .

ඉදිරියේදී සියලු ණය හිමියන් සමග පවතින බැඳියාවන් විනිවිධ භාවයෙන් සහ මනා විශ්වාසයෙන් යුතුව වේගවත් කිරීමට අපේක්‍ෂා කරන බව ද වැඩිදුරටත් එම හමුවේදී දන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...