අවදානම් රථ පෙළපාලි පිළිබඳ දැඩි අවධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (01) බදුල්ලේදී සංවිධාන කර තිබූ රථ පෙළපාලියකදී ජීප් රථයක් පෙරළිමෙන් සිසුන් දෙදෙනෙකුට දිවි අහිමි වීමේ සිදුවීමත් සමඟ වාර්ෂික පාසැල් ක්‍රිකට් තරඟවලට අදාළව සංවිධාන කෙරෙන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව, වාර්ෂික පාසැල් ක්‍රිකට් තරඟාවලිවලට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සඳහා සීමා පැනවීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩි අවධානය යොමු වී ඇති අතර , පාසැල් සිසුන් පිරිසක් ඊයේ දිනයේ රථ පෙළපාලියෙන් බදුල්ල නගරයට පැමිණි අවස්ථාවේදී ඔවුන් යළි හරවා යැවීමට පොලිසිය කටයුතු කළා.එවන් පසුබිමක් තුළයි අදාළ සිසුන් හිස් ඉඩමක රථ පෙළපාලිය අපරීක්ෂාකාරී ලෙස පවත්වා ඇත්තේ. අදාළ ජීප් රථය පැදවූ සිසුවාද එම අනතුරෙන් තුවාල ලබා තිබෙනවා. ඔහු ඇතුළු ජීප් රථයේ ගමන් ගත් සිසුන් නව දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ බදුල්ල මහ රෝහලටයි. දෙදෙනකු මිය ගිය අතර , තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව බදුල්ල මහ රෝහල පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...