අවදානම් රථ පෙළපාලි පිළිබඳ දැඩි අවධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (01) බදුල්ලේදී සංවිධාන කර තිබූ රථ පෙළපාලියකදී ජීප් රථයක් පෙරළිමෙන් සිසුන් දෙදෙනෙකුට දිවි අහිමි වීමේ සිදුවීමත් සමඟ වාර්ෂික පාසැල් ක්‍රිකට් තරඟවලට අදාළව සංවිධාන කෙරෙන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව, වාර්ෂික පාසැල් ක්‍රිකට් තරඟාවලිවලට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සඳහා සීමා පැනවීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩි අවධානය යොමු වී ඇති අතර , පාසැල් සිසුන් පිරිසක් ඊයේ දිනයේ රථ පෙළපාලියෙන් බදුල්ල නගරයට පැමිණි අවස්ථාවේදී ඔවුන් යළි හරවා යැවීමට පොලිසිය කටයුතු කළා.එවන් පසුබිමක් තුළයි අදාළ සිසුන් හිස් ඉඩමක රථ පෙළපාලිය අපරීක්ෂාකාරී ලෙස පවත්වා ඇත්තේ. අදාළ ජීප් රථය පැදවූ සිසුවාද එම අනතුරෙන් තුවාල ලබා තිබෙනවා. ඔහු ඇතුළු ජීප් රථයේ ගමන් ගත් සිසුන් නව දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ බදුල්ල මහ රෝහලටයි. දෙදෙනකු මිය ගිය අතර , තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව බදුල්ල මහ රෝහල පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම එකතු කරයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස්...

දකුණු මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍ය කිලෝ 400 ට අදාළව සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අත්අඩංගුවට !

ඊයේ (20) දිනයේදී දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග...

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...