ඖෂධ වලින් සැලසුම් සහගතව ගසා කෑමක්!

Date:

කොළඹ (LNW): රු. 7000/- තිබෙන “ගැන්සයික්ලෝවියන්” ප්‍රතිවෛරස එන්නත රු 77000/- ටත්, රු 200/- ඇති “ලිනොසොලිඩ්” ප්‍රතිජීවකය, රු. 2200/-ටත් මිලදී ගැනීමේ වෑයමක් පවතින බවත්, අසියානු සංවර්ධන අරමුදල හරහා සිදු කිරීමට යන මෙවැනි ගණුදෙණු හේතුවෙන් රට අනවශ්‍ය ණයකරුවන් වන අතර, ඊනියා මාර්ගෝපදේශ හරහා සිදු වන මෙවැනි තාක්ෂණික හොරකම් නැවැත් වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු උත්සාහයක් නොගන්නා බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.

මීට හේතුව වන්නේ තීරණ ගන්නා ඇතැම් නිළධාරීන්ද මෙම ගණු දෙනු වල කොටස් කරුවන් වීම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

රෝග නිවාරණ අංශය සම්පූර්ණයෙන්ම එන්ජීඕකරණය වෙලා

“ඩෙංගු මර්ධන ව්‍යාපාරය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර කාබාසිනියා කරමින්, මදුරු කෘමිනාශක සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ සදහා පුහුණු වැඩසටහන් තියන්නේ වස්ගමුවේ සුපිරි තරු පහේ හෝටල් වල. පරීක්ෂණ ගැන ඉගෙන ගන්න බෑ හෝටල් වල, ඒකට තමා රසායනාගාර තියෙන්නේ. පරීක්ෂණය ඇත්තටම කරන කීට විද්‍යා නිළධාරීන් කවුරුත් පුහුණුවේ නෑ. ප්‍රොජෙක්ට් එක ලියපු අයයි, ඒගොල්ලන්ගේ යාළුවොයි තරු පහේ හෝටල් වල කරන පුහුණුවලින්, මැලේරීයාව මර්ධනය කරන්න බෑ.

මැලේරියා මර්ධන ව්‍යාපාරය මදුරුවෝ ගැන පුහුණු වැඩ සටහන් තියන්නේ, මදුරුවෝ තියා කපුටෙකුටවත් පියාඹන්න බැරි, හුන්නස් හෝල් කදු මුදුනේ සුපිරි හෝටලයක.

අළුත්ම මදුරු විශේශ ඉන්න මන්නාරම ඒ අයට හරි නෑ. මදුරු තර්ජනය වැඩිපුරම තියන අනුරාධපුර ඒ අයට තැනක් නෑ. හොන්නහෝල් වල්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අය ගියොත් හිතයි, මදුරුවෙක් දකින්නවත් නැති රටකට තමයි අපි ආධාර දෙන්නේ, අපරාදේ කියලා.

රනිල්ගේ මර්ධනය, ඔහුගේ දර්ශණය පිළිබද අපිට භයානක හෙවනැලි පෙන්නවා.

ත්‍රස්ත විරෝධී පනතක් ගේන්න මේ තරම් කලබල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි අභියෝග කරනවා, මේ රටේ එයා දන්න ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක්ව නම් කරන්න කියලා. ඒක ත්‍රස්ත විරෝධී පනත කිව්වාට, සම්පූර්ණයෙන්ම වෘත්තීය සමිති විරෝධී පනතක්. ඒකට එරෙහිව කොන්දේසි විරහිතව අපි අරගල කරනවා. අපි ලෑස්තියි ඕනෑම තර්ජනයකට”

රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...