*
Friday, September 20, 2024
spot_img

Latest Posts

විපක්ෂයෙන් ආණ්ඩුවට යනවා වෙනුවට ආණ්ඩුවෙන් විපක්ෂයට එනවා: ආණ්ඩුවේ ගොබෙල්ස් න්‍යායට විපක්ෂ නායක සජිත්ගෙන් පිළිතුරු

වර්තමාන රජයේ ප්‍රධානීන් එක එක ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය තුළට දමමින් පිට පිට බොරු ප්‍රවෘත්ති මවමින් ගොබෙල්ස් න්‍යාය අනුව එය මිනිසුන්ගේ මනසේ සත්‍යක් ලෙස ස්ථාපිත කිරීමේ දරුණු කුමන්ත්‍රණයක නියැලී සිටින බවත් ඒ යටතේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් රජයට එක්වන බවට වන ප්‍රචාරයක නියැලී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් පාර්ලිමේන්තුවේ ඇති සැබෑ සත්‍ය නම් චන්දිම විරක්කොඩි, ජයන්ත හේරත් වැනි පොහොට්ටුවේ විශාල කණ්ඩායමක් විපක්ෂයට එක්වී ඇති බවත් තවත් පිරිසක් පැමිණිමට නියමිත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සැබෑ තත්ත්වය වසන් කරමින් රජය බොරු ගොතමින් රටට ඇති එකම උත්තරය සහ විකල්පය වන සමගි ජන බලවේගය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම නිවුස් ප්ලාන්ට් කරමින් ජනතා විශ්වාසය දිනා ගත් සමගි ජන බලවේගය දෙකඩ කිරීමට ආණ්ඩුව ගන්නා මේ උත්සාහය පරාජය කරන බවත් ආණ්ඩුව හැරදා විපක්ෂයට මන්ත්‍රීවරුන් පැමිණියත් එසේ පැමිණෙන හැමෝම බාර ගැනීමට විපක්ෂය සූදානම් නොමැති බවත් එසේ පැමිණෙන මන්ත්‍රීවරුන් අතුරින් නිවැරදි තෝරා ගැනීමක් සිදු කරන බවත් ඔවුන් රාජපක්ෂ වහලුන් නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (1) කඩුවෙල රණාල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේදීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවට සහන සලසන්න මුදල් නොමැති රජයට මන්ත්‍රීවරුන් බිලී බා ගන්න ඇති තරම් මුදල් ඇති බවත් මෙවැනි අශීලාචාර දේශපාලන සංස්කෘතියක් ඇති මේ රජයට මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බවත් කියා සිටියේ.

තවද එක් මන්ත්‍රීවරයකුට ලක්ෂ 2000ක් ලබා දී මන්ත්‍රීවරු බිලී බා ගන්න හැකි බවට ආණ්ඩුව විශ්වාස කළත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එසේ මුදලට තම ආත්ම ගරුත්වය පාවා නොදෙන බවත් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් මුදල් උපයෝගී කර ගෙන මන්ත්‍රීවරු බිලී බා ගන්න නොහැකි බවත් පසුගිය වසරේ පැවැති මහජන අරගලය අමතක කළ නොහැකි බවත් එබැවින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිසිදු අවස්ථාවක ජනතාවගේ අපේක්ෂාවන් විනාශ වීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan