එළවළු මිල සීඝ්‍රයෙන් පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW): දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ බැස ඇති බවත්, යාපනයේ වගා කරන ලද එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ කියා සිටී.

බණ්ඩක්කා කිලෝවක මිල රුපියල් 40ක්

නෝකෝල් කිලෝවක් රුපියල් 60ක්

පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30ක්

රාබු කිලෝවක් රුපියල් 30ක්

වැනි තොග මිල ගණන්වලට ඊයේ දින අලෙවි වී ඇති බව සඳහන් වේ.

වෙ‍ෙළන්දෝ පවසන්නේ, මේ හැරුණු කොට පසුගිය කාලයේ කිලෝව රුපියල් 2000 දක්වා ඉහළ ගිය කැරට් කිලෝවක් රුපියල් 200ක් ද ලීක්ස් කිලෝවක් රුපියල් 200ක් ද අමු මිරිස් කිලෝවක් රුපියල් 180ක් ද, බෝංචි කිලෝ රුපියල් 80ක් ද ගෝවා කිලෝවක් රුපියල් 100 කටද අලෙවි වූ බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ සඳහන් කරන්නේ , මේ දිනවල උඩරට හා පහතරට මෙන්ම යාපනයේ එළවළු වෙ‍ෙළඳපළට ලැබීම හේතුවෙන් මිල ගණන් පහත ගොස් ඇති අතර ඉදිරියේ දී සිංහල දෙමළ මුස්ලිම් අවුරුදු සමයේ දී එළවළු මිලෙහි විශාල ලෙස වැඩිවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොදු විපක්ෂයෙන් කොත්තුවක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ රාශියක් එකතුවී සන්ධානයකුත් නොවන සන්ධානයක්...

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම් කරන්නැයි නියෝගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව...