*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ඔළුව වටෙන් නහය ඇල්ලීම හෙවත් නාවික හමුදාවේ ක්ෂණික තරග කල් දැමීමේ ඉල්ලීම

මෝඩයාගේ දවසේ රගර් පරිපාලනය විසුරුවා හැරීමේ තීරණය ගත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙන්ම එම පවුලටම ඊ ළඟට පැමිණි ප්‍රශ්නය වූයේ යෝෂිත රාජපක්ෂට රගර් ක්‍රීඩක භූමිකාවෙන් සමුගැනීම වෙනුවෙන් ඉහළම ගෞරවයක් ලබා දීමය.ඒ සඳහා සූදානම්ව සිටියදී දිගින් දිගටම රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට රටුපරා ලැබෙන හූ සංග්‍රහය හේතුවෙන් ක්‍රීඩා පිටියට බැසීම, අචාර කොට සමුදිමකට වඩා හූ කියා එළවිමකට ඉඩ සාදමින් තිබිණ.

කණ්ඩායමකට නොව රටටම බලපෑවත් රාජපක්ෂ පවුලට අවශ්‍යය දේ කිරීම සහ ඊට දෑතම ඔසවන හූමිටි තබන්නන් මහාචාර්යවරුන්ගේ සිට පහත දක්වාම නිර්මාණය කරගෙන සිටින රාජපක්ෂ යාන්ත්‍රණය යෝෂිතගේ සමුගැන්මේ අවස්ථාව කැත වීම වැළක්වීම සඳහා නාවික හමුදාවේ රාජකාරිමය ස්වභාවය ප්‍රයෝජනයට ගත්තේය.රටේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ නාවික හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩකයන් රාජකාරිවලට යෙදවිය යුතු බව කියමින් පස්වරු 4-30 ට ආරම්භ කිරීමට පැවති තරගය අවලංගු කරන මෙන් පස්වරු 2.30 නාවික හමුදාවෙන් ඉල්ලිමක් ලැබෙන්නේය.
ඒ වන විට ඊට පෙර දවසේ රගර් පරිපාලනය යම් තහනමකට ලක්කොට තමන්ගේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලය පැවරීම හරහා පාලනය යම් අයුරකින් සියතට ගෙන සිටින නාමල්ට යර්ස් කියනු හැර විකල්පයක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නැති අතර අඩුම තරමේ රගර් තරගයක් පැය දෙකකක උඩදී නැවත්වීමෙන් අනිත් කණ්ඩායමට අත්වෙන හානිදායක ඉරණම ගැනද ඔහුට අදාළ නැත.ඇමතිතුමා කිව්වම කරන මිනිස් රූපයක් ලෙස පවතිනු හැර වෙනත් අවබෝධයක් ඔහුට තිබෙන බවක් පෙනෙන්නට නැත.

තරගය නැවතිණ.ඒත් ඒ සම්බන්ධයෙන් රගර් කේෂ්ත්‍රයේ ලොකු විරොධයක් හැදෙද්දි රටටම ඇඳරි නීතිය වැටිණ.ප්‍රශ්ණය ලිහිණි.එයට නාවික හමුදාව පැය දෙකකට පෙර තරගය නවත්තන්න කියා දැණුම් දීම නිසා නැවත්තූ තරගයක් ලෙස නොව ඇඳිරි නීතිය පැවනවීම නිසා පැවත්වූ තරගයක් ලෙස එයට වෙනම සත්‍ය වෙනුවට මිත්‍යාමය මුහුණක් බැඳිණ.ඇඳිරි නීතිය සහ රගර් අතර සම්බන්ධකමක් නොමැති විය හැකිය.නමුත් එවැනි තරගයක් හරහා පවුලට යම් බලපෑමක් විය හැකිනම් රටටම ඇඳිරි නීතිය දමන්නටත් බැරි නැත.

නාවික හමුදා ක්‍රිඩා සමාජයේ ක්‍රීඩකයින් රාජකාරියට යොඳවන්නේ කොහේද?කුමන රාජකාරියක් සඳහා ද?ඔවුන් කී දෙනෙක් හමුදා පුහුණුව ලැබූ සෙබළු ද?මීට වසර කිහිපයකට පෙර නාවික හමුදාවට සේවය නොකළද,නාවික හමුදා රගර් කණ්ඩායමට නාවික හමුදා ක්‍රීඩා සමාජය ලෙස තරග වැදීමට ඉඩක් සැකසි තිබිණ.එයට හොඳම උදාහරණය නාමල් රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂද යෝෂිත සමඟ නාවික හමුදාවට ක්‍රීඩා කිරීමය.දැනටද යෝෂිත නාවික හමුදාවේ නැත.ඔහු එයින් ඉවත් වී ඇත.රටම මේ සියල් දැන සිටියත් අපිට හොඳ විදිහට රටම වැඩ කරන්න ඕනි යන උද්ධච්ඡ න්‍යායෙන් කිසිඳු ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව වැඩ කරන්න පසුබට නොවන රාජපක්ෂලා රගර් පරිපාලනයට අංචිය ඇඳ,යෝෂිත කියන පරිදිම රග්ර් පරිපාලනය ඒම සඳහා දැනට තාවකාලික තහනමකට ලක්ව පවතින පරිපාලනය යෝෂිතට එරෙහි තරගකරුවෙක් නොවන්න එම නිල මඬුල්ල නිලවරණයකට පැමිණීම වාරණය කරන්නට ද ඉඩ ඇත.

මේ සමඟ නාවික හමුදාව රගර් පරිපාලනයට ඉදිරිපත් කර තිබෙන ලිපියද පළවන අතර එහි සඳහන් දිනය අනුව ද ඉතාමත් හොඳින් පැහැදිළිවන්නේ අප්‍රේල් 2ද තරගය අවලංගු කිරීමට අදාළ ඉල්ලිම පැමිණෙන්නේම අප්‍රේල් 2 වන දා බවය.එය ද පස්වරුවේය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan