ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට අගමැතිවරයා ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගනී !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට එකඟ වී සිටියත් අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට එම තීරණය වෙනස් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා දිගටම අග්‍රාමාත්‍ය තනතුරේ රැඳෙනු ඇති අතර ආණ්ඩුව මේ ආකාරයෙන්ම පවතිනු ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ තීන්දුව වෙනස් කරවීම සඳහා මූලික වී ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

නාමල් රාජපක්ෂ මහතාව ද පෙරටු කොටගෙන අග්‍රාමාත්‍යවරයාව හමුවී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මේ වෙලාවේ සර් අයින් වුණොත් අපි ඔක්කොම ඉවරෙටම ඉවරයි” යනාදී වශයෙන් පවසමින් ඉල්ලා අස්වීමේ තීරණය වෙනස් කරගන්නා ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...