පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක් !

Date:

පොලිස්පතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. එම කොමිසම පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙන්නේ ලබන අඟහරුවාදා (05) මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.

පසුගියදා මිරිහාන ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලවයි පොලිස්පතිවරයා කැඳවා තිබෙන්නේ.

අදාල පහරදීම මානව හිමිකම් කොමිසම දැඩිලෙස හෙළා දකින බව කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කරනවා.

අද රැස් වූ මානව හිමිකම් කොමිසම, විරෝධතාවලදී සිදුවන පොලිස් පහරදීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේ විරෝධතාවක් අතරතුර සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කිරීමටද තීරණය කර තිබේ. එම පහරදීමට සම්බන්ධ බවට සැක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයෙකුද අඟහරුවාදා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...