වෙන්නෙ මොනවද කියලා අපි දන්නෙත් නෑ – රනිල් විදෙස් මාධ්‍යවලට කියයි

Date:

මේ දක්වා ආණ්ඩුව, දේශපාලන පක්ෂ, සිවිල් කණ්ඩායම් සතුව තිබූ රටේ බලය සාමාන්‍ය ජනතාව විසින් අත්පත් කරගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම තත්වය අතිශය භයානක බවත්, ඉදිරියේදී සිදුවන දේ සම්බන්ධයෙන් උපකල්පනය කළ නොහැකි බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව පවසා තිබෙන්නේ ඉන්දියාවේ WION රූපවාහිනී නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ වනවිට සියලු දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන තත්වයකට ජනතාව පත්ව ඇති බවත් ජනතාව ගන්නා ඊළඟ පියවර කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකුටත් අනාවැකි පළකළ නොහැකි බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා. සමස්ත දේශපාලන ක්‍රමයම තර්ජනයට ලක්ව ඇති බවයි එජාප නායකයා පවසන්නේ.

මෙම තත්වයට වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවත්, ආණ්ඩුව විසින් හිතාමතාම ඇතිකළ මුල්‍ය අර්බුදය, ආර්ථික අර්බුදයක් දක්වා ගොස් එය මේ වනවිට දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වී ඇති බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අර්බුදය හමුවට යායුතු බවට තමා මීට වසර දෙකකට පෙර සිට යෝජනා කළ නමුත් ආණ්ඩුවේ නායකයන් එම යෝජනා ප්‍රතික්ෂේප කළ බවත්, ඒ වෙනුවට ඔවුන් සිදුකළේ දිගින් දිගටම බදු අඩු කිරීම, රජයේ ආදායම් අඩු කිරීම බවත් එජාප නායකයා සඳහන් කරනවා.

ඒ හරහා සිදු වූ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ජනතාව දැඩි පීඩනයට පත්වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා පවසන්නේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී පුපුරා ගියේ එම පීඩනය බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...