තවත් හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 03, කොළඹ LNW :

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව වන්දි අය කර ගැනීම සඳහා ගොනුකර ඇති නඩුවේ අධිකරණ බලය සිංගප්පූරුවට සීමා කිරීමට ඒ පිළිබඳ ඇතිකරගෙන තිබෙන ගිවිසුම තුළින් එවක නීතිපතිවරයා සහ එවක අධිකරණ අමාත්‍යාංශ බලධාරීන් විසින් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු අනාවරණය වී ඇති බව පැවසේ.

ඒ, එම නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය සහ ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ධීවර ප්‍රජාව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් යළි විභාගයට ගත් අවස්ථාවේදී වන අතර, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍යවරයා, ධීවර අමාත්‍යවරයා,  වරාය අමාත්‍යවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකු  නම් කර තිබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...