ඔඩිසි දුම්රිය ව්‍යාපෘතියෙන් වාසි පිට වාසි!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 03, කොළඹ LNW :

ඔඩිසි දුම්රිය ව්‍යාපෘතියෙන් පසුගිය මාසයේදී පමණක් රු.මි. 170ක ආදායමක් උපයා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. මේ වන විට සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට ඔඩිසි දුම්රිය සමත් වී ඇත.

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අලෙවියටත් වඩා වැඩි ආදායමක් ඔඩිසි දුම්රිය ධාවනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන බව ඔහු කියා සිටියේය.

වන අලි දුම්රියේ ගැටීම අවම කිරීම සඳහා ගත් පියවර මේ වන විට සාර්ථක වෙමින් ඇති බවත් ගෙන ඇති පියවර සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි නිරන්තරයෙන් නිරීක්‍ෂණය කරන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණ අතර, සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ, වන අලි දුම්රියේ ගැටීම අවම කිරීම සඳහා දුම්රිය ගමන් කාල සටහන්ද සංශෝධනය කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...