ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය අගමැතිගෙන් X සටහනක්!

කොළඹ LNW:ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හෙට (04) දින ආරම්භ වන ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

නරේන්ද්‍ර මෝදී මහතා පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදුවන අතර එහිදී බහුවිධ ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මේ අතර මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයේ සඳහන් වන්නේ මෝදි මහතා හෙට සිට අප්‍රේල් 06 වනදා දක්වා දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.

එමෙන්ම සිය සංචාරය තුළ හමුවීම් කිහිපයකට සහභාගී වීමටද නියමිත බවද මෝදී මහතා සිය නිල සටහනේ තබා තිබෙනවා.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය අතරතුරදී අනුරාධපුරයට ගොස් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටත් නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය