නිශ්මං රණසිංහ ,අප්‍රේල් 03, කොළඹ LNW
පිළිවෙලකට පියවරෙන් පියවර ආපු සැළසුමක ප්‍රතිපල ගැන චමෝදි කියන කතාව:
‘දිස්ත්‍රික් ඇවිත්,පළාත් ටීම් එකට ගහලා,සුපර් ප්‍රොවින්ස් ගහලා අත්දැකීම් ගත්තු අය තමයි මගේ ටීම් එකේ ඉන්නෙ.‘
මේ වචන ටික කියන්නෙ චමෝදි ප්‍රබෝධා.ඇය තමයි ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන එංගලන්තය,ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සහභාගි වන අවුරුදු 19 න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියෙදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව හැටියට ඉන්නෙ.
මොණරාගලින් ආපු බට්ටි ගැන මාධ්‍ය කතා කරන්න ගත්තෙ මීට අවුරුදු කිහිපයකට පෙර.එතකොට ඇයට අවුරුදු 14 ක් වුණාට පන්දුව ප්‍රතිවාදීන්ව ඇඹරෙන්නම කරකවන සාත්තරේ චමෝද දැනගෙන හිටියා.(චමෝදි කියන්නෙ ඒ බට්ටිට තමයි.)
ඇය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකත්වයට වගේම ඊට පෙර ක්‍රීඩිකාවක් විදිහටත් ඇයව ඇගයෙන්න වැඩ පිළිවෙලක් තිබුණ බව පැහැදිළියි.ඇයට විතරක් නෙමෙයි පළාත් නවයකින්ම හමු වුණ මේ ක්‍රීඩිකාවන් අහම්බයන් නොවේ.කාලයක් තිස්සෙ හෙට පායන්න නියමිතයි කියා දැණුම් දෙමින් හිටිය තරු.
උඩින්ම තියෙන වචන ටික පෙන්නුවෙ තමන්ගෙ කණ්ඩායම ගැන සහතිකයක් දෙන්නයි.එහෙම වෙන්නෙ මේ කණ්ඩායම තුළ පෙර හිටපු නැති ක්‍රීඩිකාවන් අට දෙනෙක් ඉන්නවා.එහෙම වුණාම කණ්ඩායමේ මට්ටම පහළ වැටෙනවද කියන ගැටළුවට,ඒක එහෙම නැහැ කියන උත්තරය ඇය ගේන්නෙ උඩ වචන ටිකෙන් එහෙම නොවෙන්න හේතුවත් පැහැදිළි කරන ගමන්.
දියුණු සහ ක්‍රමාණුකූල වැඩ සැළසුමක් මේ කියන පෙළ ගැස්ම ඇතුළෙ පේන් තියෙන නිසා පරණ 7 යි අලුත් අටයි එක්ක යන මේ ගමණට සූදානම් වෙන දුර දක්නා නුවණින් කළ සූදානම් වීමක් තමයි ජාතික විස්සයි විස්ස කාන්තා ක්‍රීකට් තරගාවලිය.වර්ණ හතරකින් කණ්ඩායම් හතරක් බෙදලා,ඒ එක කණ්ඩායමක් 19 න් පහළ ක්‍රීඩිකාවන්ට වෙන් කරලා කරපු ව්‍යහුයමය වෙනස එක්ක මේ කණ්ඩායම ජාතික මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් සමඟ එකට ක්‍රීඩා කරලා හොඳට තෙම්පරාදු වෙලා ඉන්නෙ.
ඉස්සෙල්ලම 25 යි.ඊට පස්සෙ 20 යි.ඊටත් පස්සෙ තමයි 15 තේරුවෙ.
ඒ තෙම්පරාදුවේ මුල් පියවර දිස්ත්‍රික් සංචිත,පළාත් සංචිත,සුපර් ප්‍රොවින්ස් සංචිතවලින් නොනැවතී ජාතික විස්සයි විස්ස තරගාවලියට 19 න් පහළ කණ්ඩායමක් ලෙස මුහුණ දීම දක්වා වූ ප්‍රගතිය සහ අත්දැකීමද බට්ටි පැහැදිළි කළා.
ජාතික කණ්ඩායමේ අය එක්කනෙ.මුලදි සට බය හිතුණා.මට මේ නායකකම කරගන්න බැරි වෙයි කියලා ඇති වුණ බය නැති කළේ හර්ෂිතා අක්කා.නායකයො ගෙනත් කතා කරද්දි මගේ බය නැති වෙන්න හර්ෂිතා අක්කා මට කතා කළා.ඔයා මේකට සුදුසු හින්දයි තෝරල තියෙන්නෙ.ඒ ගැන හිතන්න එපා හොඳට කරන්න.
චමෝදි පවසන්නේ ඒ අනුව හොඳින් පන්දු යැවිම වගේම හොඳින් කණ්ඩායමට නායකත්වය දෙන්නටත් තමන්ට හැකි වූ බවය.
ඒ ජාතික තරගාවලිය තමයි මෙතන ඉන්න හැමෝටම වැදගත් වුණේ.ඒ නිසයි හැමෝම දැන් මේ තරගාවලිය හොඳට කරන්න පුළුවන් කියලා විශ්වාසයෙන් ඉන්නෙ.ලෝකයේම හොඳම කණ්ඩායමක් වෙන අපේ ජාතික කණ්ඩායමේ අක්කලා එක්ක අපි හොඳට සෙල්ලම් කළා.
ඇය එසේ විශ්වාසයෙන් කතා කළත්,අක්කලා පැරදුව නිසා ඔස්ට්‍රේලියාවේ අපේ සම වයසෙ අය මොන කජ්ජක්ද වගේ සිතීමක් ඇයට නැත.
අපි එයාලව පරද්දලානම් තියෙනවා.ඒත් ලංකාවෙ නෙමෙයි තරගාවලිය පවත්වන්නේ.මෙහෙදි වගෙ දඟ පන්දුවට හොඳ තණතිලි ලැබෙන එකක් නැහැ.වේග පන්දුවලට සුදුසු විදිහෙ තමයි හම්බවෙන්න පුළුවන්.එහෙයි මෙහෙයි කන්ඩිෂන් වෙනස්.ඒත් අපි ඒ වගෙ කන්ඩිෂන් වල සෙල්ලම් කරලා තියෙනවා.අපට හුරු වෙන්න පුළුවන්.ඒත් අපි ඒ කන්ඩායම දෙක සුළුවට ගන්නෙ නැහැ.
චමෝදි ගේ ඒ වයසවයසට වඩා මුහුකුරා ගිය නායිකාවකගේ හැඩය පිළිබිඹු කරන්නේය.නැවත නැවතත් ඇයටත් කණ්ඩායමටත් ජය පතන්නේය.පහතින් ඇත්තේ තරග කාල සටහනය.
එක්දින තරගාවලියේ කාලසටහන
අප්‍රේල් 6 – ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර බි්‍රස්බේන් හි ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 7 – ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර බි්‍රස්බේන් හි ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 8 – ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
විස්සයි-20 තරගාවලියේ කාල සටහන
අප්‍රේල් 11 – ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපෙන් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 12 – ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපෙන් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 13 – ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපෙන් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 15 – ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර බි්‍රස්බේන් හි ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 17 – ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර බි්‍රස්බේන් හි ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 18 – ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර ඉයන් හීලි ක්‍රීඩාංගණයේදී



