සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට නීතිපති පෑම් බොන්ඩි සේවයෙන් ඉවත්කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනයේ දිගුකාලීන මිතුරියක් සහ දැඩි ආරක්ෂකයෙකු වූ පෑම් බොන්ඩි එප්ස්ටයින් ලිපිගොනු හැසිරවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කලකිරීමට පත්ව සිටින බව කියැවේ.
ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social හි සඳහන් කර තිබුණේ, පෑම් බොන්ඩි යනු ශ්‍රේෂ්ඨ ඇමරිකානු දේශප්‍රේමියෙක් සහ පක්ෂපාතී මිතුරෙකු බවත්, ඇය පසුගිය වසර පුරා මගේ නීතිපතිවරයා ලෙස විශ්වාසවන්තව සේවය කළ බවත්, රට පුරා අපරාධ සම්බන්ධයෙන් දැවැන්ත මර්දනයක් අධීක්ෂණය කිරීම සඳහා පෑම් දැවැන්ත කාර්යයක් ඉටු කළ බවත්, ඇය නුදුරු අනාගතයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත පෞද්ගලික අංශයේ ඉතා අවශ්‍ය සහ වැදගත් නව රැකියාවකට මාරු වනු ඇති බවත්ය.
මේවන විට එක්සත් ජනපදයේ නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් වැඩබලන නීතිපති ලෙස පත්කර ඇති අතර මීළඟ නීතිපති වශයෙන් පාරිසරික ආරක්ෂණ ඒජන්සියට නායකත්වය දෙන හිටපු නිව්යෝර්ක් කොන්ග්‍රස් සභික ලී සෙල්ඩින්, බොන්ඩි වෙනුවට ආදේශ කිරීම සඳහා යෝජනා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,

