Home විදෙස් මැදපෙරදිග යුද්ධයත් සමඟ UN වෙතින් තවත් අනතුරු ඇඟවීමක්!

මැදපෙරදිග යුද්ධයත් සමඟ UN වෙතින් තවත් අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග යුද්ධය මධ්‍යයේ ආහාර මිල ඉහළ යාම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

මාර්තු මාසයේදී අඛණ්ඩව දෙවන මාසයටත් ලෝක ආහාර මිල ඉහළ ගොස් ඇති බවත්, දෙසැම්බර් මාසයෙන් පසු එය ඉහළම මට්ටමට ළඟා වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

යුද්ධ ගෝලීය ආහාර සැපයුම් දාමයන් මත පීඩනයක් එල්ල කරන අතර පවත්වාගෙන පැමිණි රටාව සියල්ල කඩාකප්පල් වෙන වීම සිදුවෙයි.

විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් මිලට සිදුව ඇති බලපෑමද ආහාර මිල ඉහළ යාමට හේතුවක් වී තිබේ.

එහෙයින් වහාම යුද්ධ සම්බන්ධයෙන් තීරණ ගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන නැවත නැවතත් අනතුරු අඟවා ඇති හෙයිනි.