2026 ශ්‍රී ලංකා අන්තර්ජාතික සාමයේ පාගමන අප්‍රේල් 21 සිට!

රෂිකා හෙන්නායක අප්‍රේල් 03, කොළඹ LNW :

ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ ජාත්‍යන්තර සාමයේ පාගමන 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව තුළ දින හතක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අතිපූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහෙයවන මෙම වැඩසටහන අනුරාධපුරය, මහනුවර සහ කොළඹ යන නගර කේන්ද්‍ර කරගනිමින් පූජනීය ස්ථාන රැසක් පසුකරමින් ගමන් කරයි.

බුදුදහමේ ඉගැන්වීම්වලට අනුව ලෝකවාසීන්ට කරුණාව සහ සාමය බෙදා දීම මෙහි ප්‍රධාන දර්ශනය වන අතර, පූජනීය ධාතූන් වහන්සේලා සහ බෝධි ශාඛාවක්ද මෙම ගමනට වැඩම කරවනු ලැබේ.

මෙම ව්‍යාපෘතියේ අවසන් අරමුණ වන්නේ ලාංකීය බෞද්ධ උරුමය සහ සංස්කෘතික අනන්‍යතාවය ඇමරිකාවේ ටෙක්සාස්හි ඉදිවන මධ්‍යස්ථානයක් වෙනුවෙන් දායක කිරීමයි.

පාගමන අවසානයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය උත්සවයක් සහ ගංගාරාම විහාරස්ථානයේදී විශේෂ සංස්කෘතික ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.