මාස්ටර්ස් බැඩිමින්ටන් වල නිල නවාතැන් සඳහා හොටල් තුනක්

facebook sharing buttonනිශ්මං රණසිංහ ,අප්‍රේල් 03, කොළඹ LNW:

ජූනි මාසයේ 25 සිට 29 දක්වා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පැවත්වෙන මාස්ටර්ස් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන් තරගාවලිය සඳහා නිල හෝටල් ලෙස මොර්වින්,ෂොෆී සහ සිනමන් ලේක් හෝටල් නම් කර ඇත. රටට විශාල ඩොලර් ගණනක් හිමිවීමෙන් නොනැවතී,ක්‍රීඩා ඉසව්ව හරහා රටේ ක්‍රීඩාව මෙන්ම සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට දායක වෙමින් සංචාරවලද නිරත වුවහොත් ඒවා සියල්ලම රටේ ආර්ථිකයටද සංචාරක කර්මාන්තයට වැදගත් වනු ඇත.

2024 දී තරගකරුවන් 530 ට වැඩි පිරිසක් එක්ව සිටි අතර 2025 දී එය 350 ක් දක්වා පහත වැටුණේ සංවිධානයට තිබුණ කාලය මද වීම නිසා මෙන්ම ස්ථානය ලබා ගැනීමේදී අමාත්‍යංශය පැත්තෙන් මේ සම්බන්ධයෙන් දැක් වූ උදාසීන අවධානය ද නිසාය.මෙවර කල් ඇතුව තරගාවලියේ සංවිධාන කටයුතු සූදානම්ව තිබෙන බැවින් සහ මැයි 30 දක්වා ඉල්ලුම් පත් යොමු කිරීමේ අවස්ථාව තිබෙන බැවින් ද මෙවර තරගාවලියට විදේශිකයන් 500 ඉක්මවා අපේක්ෂා කළ හැකිය.නිශ්චිත ලෙස වෘත්තීය ක්‍රීඩාවෙන් සමුගෙන සිටින පිරිස් ක්‍රීඩාකිරීමට දක්වන ආසාව නිසා මෙන්ම නොනැසී පවතින ක්‍රීඩා හැකියාව ද පදනම් කරගෙන මෙවැනි තරගාවලි සඳහා එක් වුව ද,වැඩිහිටියන් ලෙස සිය රාජකාරී ජීවිතය නිමාවේ ලෝක සංචාරය සඳහා ද මෙවැනි තරග අතරවාරය යොදා ගන්නා විශාල පිරිසකි.

මේ සමඟ දක්වා තිබෙන නිල හෝටලයක නවාතැන් ගන්නා විට තරග බිමට සහ නැවත යාමට ලැබෙන ප්‍රවාහනයද නොමිලේ සපයා දීමට කටයුතු යොදා ඇත.එම අවස්ථාව නැතත් දැනට අවසර ලබා දී තිබෙන නිල හෝටල් පද්ධතියට අමතරව සංවිධායකයින් විසින් තවත් හෝටල් කිහිපයක් ද මේ සඳහා නම් කර ප්‍රකාශයට පත් කර ඇත.එම හෝටල්වලට නොමිලේ තරග බිමට යාමට ඒමට ලැබෙන ප්‍රවාහන පහසුකම ලැබෙන්නේ නැත.
තරගාවලිය පැවත්වෙන දින පහෙන් එක දිනක් පමණක්, අඩුම මිල සහිත හෝටලයේ තනි පුද්ගල කාමරයක 500 දෙනෙක් රැදී සිටියත් ඩොලර් 63 බැඟීන් 500 කි.ඩොලර් 31500 කි.ඉතාම සරල ගණන් හැදීමකදී වුව මෙය පවතින තත්ත්වයට අනුව රටේ ඩොලර් වියදම් වෙමින් පවතින වාතාවරණයක රටේ ආර්ථිකයට විදේශ මුදල් කැඳවා එන හොඳ ව්‍යාපෘතියකි.

අවුරුදු 35 ට වැඩි තරග අංශයේ සිට මේ සමඟ දැක්වෙන වයස් සීමාවන් සියල්ල මූලික වයස කර ගනිමින් එම වයස ඉක්මවා ගිය අයට තරග වැදීමට හැකියාව ඇත. 40 ට වැඩි, 45 ට වැඩි, 50 ට වැඩි, 55 ට වැඩි . 60 ට වැඩි, 65 ට වැඩි, 70 ට වැඩි සහ 75 ට වැඩි ලෙස වූ එම වයස් සීමාවන්ට අදාළව කාන්තා සහ පිරිමි කේවල,යුගල ලෙස ද,මිශ්‍ර යුගල ලෙස ද තරග වැදීමට නියමිතය.එසේම වයස එකතුන අනුව සම්බන්ධ කර පවත්වන යුගල තරගවලදි එකතුව 90 ට වැඩි,එකතුව 100 ට වැඩි,එකතුව 110 ට නැඩි,එකතුව 120 ට වැඩි,එකතුව 130 ට වැඩි සහ එකතුව 140 ට වැඩි වයස් කාණ්ඩවලින් පිරිමි සහ කාන්තාත්,මිශ්‍ර යුගල තරගත් පැවත්වීමට නියමිතව ඇත.

නව සේවාවන් නිෂ්පාදනවලට ලෝකය හඳුනා ගන්නට මඟක් හොයන්නට ඉඩක් ලැබෙන, විශාල රටවල් ගණනක නියෝජනයක් සිදුවන අවස්ථාවකි.එය දෙපාර්ශවය විසින්ම තේරුම් ගෙන නව අනුග්‍රහයන්ට මේ තරගාවලිය වෙනුවෙන් දායක වෙන්නට ඉදිරිපත් වි හැකිය.අලුත් නිෂ්පාදන සහිත වෙළද පොළට අනුග්‍රහය සහ ප්‍රදර්ශනය සඳහා සාධාරණ මිලක් ලබා දෙමින් ක්‍රියාත්මක කළහොත් එය ප්‍රවීනයන්ගේ බැඩිමින්ටන් සංගමයට ද වැදගත් වනු ඇත. එසේම ලංකාවේ පවතින නව ව්‍යවසායකත්වයන්ට සහ නිෂ්පාදනවලට රට තුළ හමුනොවන,පළල් ලෝකයක් සමඟ ගනුදෙනුවකට පාර සැකසෙනවාද ඇත.

රොහාන් ද සිල්වා ඉකුත් වසර තෙක්ම ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් කීර්තියේ වර්ථමානයට සහ අනාගතයට ද මෙවැනි ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙන පරිදි තරගාවලි සඳහා අනුග්‍රහයන් ලබා දෙමින් කටයුතු කරනු දකින්නට ලැබිණ.දැන් එම සියල්ල ඔහු සභාපති ධූරයෙන් ඉවත්වීමත් සමඟ නැවති තිබෙන අතර තවමත් සභාපති ධූරය උසුලන ප්‍රවීන්යන්ගේ බැඩිම්න්ටන් සංගමය මෙවරත් එම ජාත්‍යන්තර තරගාවලිය රොහාන් ද සිල්වාගේ සම්බන්ධතාවය සහ අනුග්‍රහය විශේෂ කොට සංවිධානය වෙමින් පවතියි.

ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩාවක නිලවරණයක් පැවත්වීමෙන් අනතුරුව ඒවා කෙතරම් සක්‍රීයව තිබේද හෝ පත් වූ නායකත්වයට එකග නොවන්නේද යන්න සළකා බලන්නේ නැති තරම්ය.යළි නිලවරණයක් එන තෙක් නොසෙල් වී සිටින බවට හොඳම උදාහරණය තවමත් ඉකුත් වසරේ කිසිඳු ජාතික තරගාවලියක් හෝ පවත්වා නැති බේස්බෝල් සංගමය සම්බන්ධයෙන් කළ දැණුම් දීමට මේ වන තුරු කිසිඳු පියවරක් ගෙන නොතීබීමය.
ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට හිතවත් අයගේ සංගම්වලට එල්ල වෙන දැඩි ප්‍රහාර නොසළකා හරින බවක් පෙනෙන්නට ඇති අතර රටම ලෝකය ඉදිරියේ දඩයකට යටත් වෙන අන්දමේ ක්‍රියාවක් කළ අයට පවා අමාත්‍යවරයාගෙන් අර්බූදයක් නැත.එවැනි අය දියුණුව ලෙස රටට බලපාන කරුණු ගැන සිතා බැඩිමින්ටන්වලට වී ඇති විපත තේරුම් ගනු ඇතැයි සිතිය නොහැකිය.