අලුත් වැඩක් ගැන කතාබහක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW):මෙරට තුළ පෑන් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආයතනයක් නොමැති හෙයින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන් නිපදවීමට ඇති හැකියාව පිළිබඳව  සොයා බලන ලෙස එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම  මහතා පෙන්වා දෙන ලදී.

එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කළද  පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බවද මෙහිදී තොරතුරු අනාවරණය දී ඇති බව පැවසේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා, පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වී ඇත.

තවද, දිවයින පුරා සුපිරි වෙළෙඳසල් හා ඒවායේ වෙළෙඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී  මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන  පාරිභෝගිකයින්ගේ රුපියල් 500 ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට එම  ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී  එම සුපිරි වෙළෙඳසල් හිමියෝ එකඟත්වය පළ කර ඇත.

අධික පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය හා ඉන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර  බලපෑම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා මෙම වෙළෙඳසල් ප්‍රධානින් දැනුවත් කර ඇති අතර, ඒ අනුව එම අහිතකර තත්වයන් අවම කරමින් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම  සඳහා  මුලික පියවර  කිහිපයක්  සඳහා කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කළ බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් අමරසේන,  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ  වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද මෙම කාරක සභා රැස්වීමට රැස්වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...