(VIDEO):පෝට් සිටි බදු ප්‍රශ්නය ඇවිලෙයි – දිලුම් හර්ෂව තුට්ටු දෙකටම දායි!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පෝට් සිටි ව්‍යාපෘති වෙනුවෙන් සිදුකරන ආයෝජනවලදී ගජ මිතුරන්ට බදු සහන දෙන බවට කී ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු දැක්වීමක් සිදුකරන ලදී.

එහිදී දිළුම් අමුණුගම මහතා කියා සිටියේ විශාල වශයෙන් මෙරටට රැගෙන ආ ආයෝජකයින් දොළොස් දෙනෙකුට ලබා දී තිබූ ආයෝජනයක් පිළිබඳ සියලු කරුණු සොයා නොබලා පාර්ලිමේන්තුවේදී හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා සාවද්‍ය ප්‍රකාශ සිදු කළ බවයි.

හර්ෂ ද සිල්වා මහතා හොඳ දේශපාලඥයෙකු යයි සිතුවත් මැතිවරණ ලං වන විට ඔහු තුට්ටු දෙකේ දේශපාලනඥයෙකු බවට පත්වී ඇතැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.

”පාර්ලිමේන්තුව නොමග හරිමින් එතුමා සඳහන් කරන්න උත්සාහ කළේ ජනතාවට බදු ගසමින් ගජ මිතුරන්ට සහන දෙනවා කියලා. දේශපාලන හෙංචයින්ට බදු සහන දෙනවා කියලා කියන්න තමයි එතුමා උත්සාහ කළේ. එතුමා සභාගත කරනවා ලේඛනයක් ඒක. කොලේ වහලා ගහනවා කියන්නේ ඒකට. මේකට තමයි කොලේ වහලා ගහනවා කියන්නේ තුට්ටු දෙකේ දේශපාලනය කරනවා. අපි මෙච්චර කල් ඒ වගේ චෝදනා කළේ නෑ එයාට. එයත් මේ තුට්ටු දෙකේ දේශපාලනයට බැහැලා. තුන්වෙනි ඇණුමේ තියෙන දේවල් අන්තිම විනාඩි 5 ඇවිල්ලා කියල බරපතල චෝදනාව කරනවා ගජ මිතුරන්ට බදු සහන දෙනවා කියලා. හැමෝම තුන කියලා අරගෙන කියෙව්වා. පෝස්ට් සිටි ව්‍යාපෘතියට ආයෝජක ගේන අපි දැඩි කැපවීමක් කරනවා. ඩොලර් මිලියන 100ක් ඕනේ ආයෝජනය කරන්න අඩුම. ආරම්භක අවම ආයෝජනය කරන මට්ටම ඩොලර් මිලියන 100යි. බදු සහන පිට තමයි මේ ආයෝජන ඇතුලට එන්නේ. මේ ව්‍යාපෘති දොළහ ගෙනාවෙ නැත්නම් දැන් බදු ආදායම කොහෙන්ද ලැබෙන්නේ. මේක හදනකොට සහභාගි වෙච්ච කෙනෙක් තමයි හර්ෂද සිල්වා
මොනරටේ බලපෑමක්ද දන්නේ නැහැ. ව්‍යාපෘතියට අකමැති රටවල් ඉන්නවා. අපේ රටට ඕන විදියට කරන්නේ වෙන රටවල් වලට ඕන විදියට නෙමෙයි. චීන සමාගම මේකේ කොන්ත්‍රාත්කරු පමණයි. ඉඩම් කට්ටි ගෙවීමට 46ක් දීලා තියෙනවා. චීනයට වෙනත් සම්බන්ධයක් නෑ. නානලාට වඩේ විකුණන්න දීලා තියෙන්නේ හර්ෂද සිල්වාගේ මෙගා පොලිස් අමාත්‍යංශයෙන්. ඒ වගේම රජයට මුදලක් නෑ. ඒක ඒ කාලේ කරපු වැඩක් අපි පිට දාන්න බෑ. අපි ගත්ත දවසට තාවකාලික ව්‍යාපාර බෑ. විස්සයි විසිහතේදී මේ දීපු ඒවා ඉවරයි. මේ බදු සහන නැත්නම් මේ ආයෝජකයෝ දොළොස් දෙනා එන්නේ නෑ.”
යනුවෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...