*
Friday, April 19, 2024
spot_img

Latest Posts

දේශබන්දුලාගේ කතාව

මේ දවස්වල දේශබන්දු යන්න නමට එකතුවෙන දෙන්නෙක් ගැන ආදරය සහ පිළිකුල යන මාතෘකාව යටතේ කතාවෙයි.මේ දෙන්නම එකම විද්‍යාලයකින් බිහි වූ අය ය.

එක් අයෙක් රට ලෝකයට රැගෙන ගිය රටට ගෞරවය ගෙනා ලෝකයම රටට සළකන ආකාරයේ හැසිරීමක් ප්‍රදර්ශනය කළ අයෙක්ය.එසේම ලෝකයම මවිත කරන සුළු හැතියාවන් සමඟ ලෝක වාර්තා ද නමට එකතු කරගත් පුද්ගලයෙක්ය.ඔහුගේ නම ඉදිරියට දේශබන්දු ලෙස වැටෙන්නේ ඔහුගේ සාමාන්‍ය නම හැටියට නොවේය.එය රටට දිනා දුන් ගෞරවය සහ කීර්තිය වෙනුවෙන් රට විසින් ඔහුට තිළිණ කළ දායාදයක් හැටියට ගත හැකිය.
ඒ අනුව ඔහුගේ ගෞරවණිය නම එකතු කරන ලද ගෞරවණිය දේශබන්දු කොටසඳ ගෙන “දේශබන්දු රොශාන් සිරිවර්ධන මහානාම” යනුවෙන් පැවසිය හැකිය.මේ දිනවල ඔහුගේ නම පැවසෙන්නේ රටෙ පවතින වාතාවරණය පිළිබඳව ජනතාවගේ පැත්තේ සිට රජයට එරෙහිව පණිවිඩක් සිය සමාජ මාධ්‍ය ජාලයේ පළකළ පළමුවන ජාත්‍යන්තරය ජයගත් ක්‍රිකට් ක්‍රීඩකයා හැටියටය.ශ්‍රී ලංකා ඉණිම ඇරඹු අයුරෙන්ම ඔහු ජනතාවගේ පීඩනය සමඟ හිටගන්නට සමාජ මාධ්‍ය ජාලය අදහස් දැක්වීමෙන් නොනැවතී අද ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේද පෙනී හිටින්ට ඉදිරිපත් වී ඇත.මේ සමඟ ඇති ඡායාරූපය ඒ ගැන සාක්ෂි සපයන්නේය.

අනිත් දේශබන්දු පොලීසියේය.මිනිසුන්ට සැර සහ රටේ දේශපාලකයගේ බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වෙන සහ කරන ඉහළ පොලිස් නිලධාරියෙක් හැටියට ප්‍රකට ඒ දේශබන්දුට ඇත්තේ උපතින් දමාගත් දේශබන්දු කෑල්ලක් මිස රටට කීර්තිය සහ ගෞරවය ගෙන ඒම වෙනුවෙන් හිමි වූ ගෞරවණීය නාමයක් නොවේය.රාජ්‍ය නිලධාරියා මහජන සේවකයෙක් මිස බලයට පත් ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ගේ අණ පිළිපඳින්නෙක් නොවේය.මහජන නියෝජිතයා පත් කර එවන්නේද,ඔවුන් මහජනයා මත පනවන බද්දෙන් රාජ්‍ය නිලධාරියාට මෙන්ම මහජන නියෝජිතයාට ද වැටුප් ගෙවීමට ද සම්බන්ධ වෙන්නේ මහජනතාවය.ඒ සරල තත්ත්වයෙන් දුරස් පුද්ගලයෙක් හැටියට මහජන සේවකයෙක්ට අයත්විය යුතු මහජන ප්‍රසාදය අහිමි පුද්ගලයෙක් බවට පත්ව සිටින පොලීසියේ දේශබන්දුට නම් තැබීමේදී ලැබුණු දේශබන්දු,ජීවිතයේ ගෞරවණිය භාවිතාවන් තුළින් දේශබන්දු යන්න උපයාගන්නා පුද්ගලයෙක්ගේ දේශබන්දු නාමයටද යම් අඩුවක් එක් කරන්නක්ය.

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ දේශබන්දු රොෂාන් සිරිවර්ධන මහානාම මේ රටේ ක්‍රිකට් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන් ආකාරයටම,ඔවුන්ට දිරි දුන් ජනතාවගේ අභිලාෂයන් සමඟ පෙරට එන්න මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මඟ පාමින් ජනතාව සමඟ විරෝධයට මඟට පැමිණි අවස්ථාවකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan