*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

මහින්ද ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගත්තේ වැඩබලන ජනාධිපති වීමේ බලාපොරොත්තුවෙන් …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) දිනයේදී ඉල්ලා අස්වීමට මුලින් එකඟ වී සිටියත් පසුව එම තීරණය වෙනස් කරගෙන ඇත්තේ වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමේ බලාපොරොත්තුවෙන් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විරෝධතා පවත්වන ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට බැවින් එසේ වුවහොත් පුරප්පාඩු වන ජනාධිපති ධුරය ව්‍යවස්ථානුකූලව හිමිවන්නේ රටේ අග්‍රාමාත්‍යවරයාට ය.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර දෙවතාවක් ජනාධිපති ධුරය දරා ඇති හෙයින් ඒ මහතාට යළිත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නොහැකි වන පරිදි නීතිමය බාධාවක් තිබේ.

එසේවෙතත් ඒ මහතාට වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ හැකි බවට නීතිමය උපදෙස් ලැබී ඇති හෙයින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ පසුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් ඒ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයෙහි රැඳී සිටීමට තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan