පිරමීඩ ජාවාරම ගැන මහ බැංකුවෙන් අධිකරණයට වාර්තාවක්!

Date:

කොළඹ LNW:රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරිපත් කර තිබේ.

ඒ,මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2024 දෙසැම්බර් 18 වෙනි දින නිකුත් කළ නියෝගයක් ප්‍රකාරවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරී අනුර ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පිටු හයකින් සමන්විත එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ අදාළ දැනුවත් කිරීම් ගම් මට්ටමින් ව්‍යාප්ත කර ඇත්ද? යන්න පිළිබඳවයි.

වැඩමුළු, සම්මන්ත්‍රණ ,සාකච්ඡා ගම් මට්ටමින් දීප ව්‍යාප්තව කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරියා අධිකරණය හමුවේ පවසා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...