සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව තවත් නඩුකරයන් දෙකක් කොළඹ විශේෂ අල්ලස් මහාධිකරණය හමුවේ ගොනුකිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කටයුතු කර තිබේ.
ඒ අනුව, රුපියල් කෝටි 96කට අධික අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව පසුගිය 31 වනදා මෙසේ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නඩු දෙකක් ගොනුකර ඇති බව සඳහන්.
2021 වසරේ ජනවාරි මස 1 සිට 2023 වසරේ සැප්තැම්බර් 14ත් අතර කාලය තුළ සැකකරුගේ නීත්‍යනුකූල ආදායම රුපියල් 157,517,615.51ක් වන අතර කොමිසම විසින් දැනගත් වියදම් රුපියල් 432,641,269.61කි. ඒ අනුව උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් 275,123,654.10ක් සම්බන්ධයෙන් එක් නඩුකරයක් ගොනුකර ඇත.
එසේම එසේම 2013 සැප්තැම්බර් මස 15 සිට දෙසැම්බර් මස 31 දක්වා සැකකරු ප්‍රකාශ කර ඇති නීත්‍යනුකූල ආදායම රුපියල් 2,829,902.31ක් වන අතර වැය කර ඇති මුදල රුපියල් 694,978,532.04කි. ඒ අනුව හෙළි කිරීමට නොහැකි වු මුදල වන රුපියල් 692,148,629.73ක් සම්බන්ධයෙන් අනෙක් නඩුව ගොනුකර ඇති බව සඳහන්.


