සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී සුඩානයේ මධ්‍යම ප්‍රදේශයේ වයිට් නයිල් ප්‍රාන්තයේ අල් ජබලයින් රෝහලේ ශල්‍යාගාරයක් සහ මාතෘ වාට්ටුවක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයේ වගකීම පැරාමිලිටරි වේගවත් ආධාරක බලකායන් (RSF) විසින් බාරගෙන ඇති අතර මෙම ප්‍රහාරය 2023 අප්‍රේල් මාසයේදී හමුදාව සහ RSF අතර ඇති වූ යුද්ධය මධ්‍යයේ සුඩානයේ සෞඛ්‍ය සේවා පද්ධතියට එල්ල වූ ප්‍රහාර මාලාවක නවතම ප්‍රහාරයයි.
මෙම ප්‍රහාරයට අමතරව වයිට් නයිල් පළාතේ අගනුවර වන රබාක්හි වෛද්‍ය සැපයුම් ගබඩාවකට ද පහර දී ඇති අතර යුද්ධය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවා පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාර මෑත සතිවල භයානක ලෙස ඉහළ ගොස් තිබේ.

