ජ.වි.පෙ. පැත්තෙන් අහන ප්‍රශ්නයක් තමා “ඇයි ලාල්ට ගෙවල් හදන්ට බැරිද ?” කියන ප්‍රශ්නය. මම කියන්නෙ පුලුවන්, හැබැයි මීට අවුරුදු එකහමාරකට කලින් “පවුලගෙ පඩියෙන් ජීවත් වෙන්නෙ, කුළී ගෙදරක ඉන්නෙ” වගේ කතා කිය කිය හිටිය කෙනෙක් ඇමතිකමක් අරන් අවුරුදු එකහමාරකින් ඉහල සමාජ තත්වය පිළිඹිබු කරන පියානෝ, වායුසමනය යන්ත්‍ර, ලක්ෂ ගනන්වල සෝපා සෙට් සහිත සුඛෝපභෝගී ඇමති නිවසක් හිටි අඩියේ ගොඩ නැගුවේ කෙසේද යන්නෙහි යම් කුකුසක් තිබේ..
මෙහිදී මහින්දානන්ද, කෙහෙළිය යන අය නිර්ධන පන්තියේ ලාල්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන ගැටලුව ද ජනතාවට සම්මුඛවේ.. මට දැනෙන විදියට ලාල් මහින්දානන්දලාගෙන් වෙනස් වන්නේ දේශපාලනයෙන් හරිහම්බ නොකිරීම නිසා නොව හම්බ කිරීමට පමාවීම නිසා පමණි.
ඒ කෙසේ වෙතත් ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයකට නම් බලය භාවිතාකර වංගු ගසා හරිහම්බකරගත හැකි දෙයක් නම් නොමැත. නමුත් ඉන් එහා තනතුරු නම් බඩුම තමා. තනතුරේ බලය වැඩිවෙන්න වැඩිවෙන්න ඊට අනුලෝමව බෙනිෆිට්ස්ද වැඩිවේ. එහිදී පක්ෂය කුමක්ද යන්න අදාල නැත. වෙනස ඇත්තේ වැඩේට හුරුවීමට හා සෙට් වීමට යන කාලයේ පමණි. අවුල ඇත්තේ සමස්ත ව්‍යුහය තුළමය..
ඒ නිසා ජ.වි.පෙ.යි, නායකයොයි අදහන පහල මට්ටම්වල ඉන්න ලබ්ධිකයන්ට නම් මට කියන්නට දෙයක් නැත.. ඒත් ඕකෙ ඉන්න සිද්දවෙන්නෙ මොකක්ද කියලා යන්තම් හරි තේරෙන එවුන්ට මට කියන්න තියෙන්නෙ උඹලා වැඩකරපල්ලා, පෝස්ටර් ගහපල්ලා, ලියපල්ලා ඔක්කොම කරපල්ලා හැබැයි ඒකෙ ගාණ ඉල්ල ගනිල්ලා කියලාය..
ලාල් අනුරාධපුරේ හැමතැනම පක්ෂ සාමාජිකයන්ගෙ ගෙවල්වලට ගිහින් කෑවට බීවට, කෙහෙල්කැන් ටික, පොල් ටික උගෙ කැබ් එකේ දාගෙන අරන් ගියාට ඌ උගෙ දානෙට උඹලට උගෙ ගෙදට්ට එන්න කිව්වෙ නෑනේද ?
ඒ තමා ගැප් එක. උඹලා දැන් ඌට පොඩි වැඩී බං ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ


