පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් පිළිබඳව අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 04 , කොළඹ LNW :

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රියාවලිය පිළිබඳව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

රැකියා අපේක්ෂිත සියලුම වෛද්‍යවරුන් අද දහවල් 12ට පෙර සිය අයදුම්පත් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර සිටියි.

මෙම කාලසීමාව ඉක්මවා කටයුතු කිරීම මඟින් වෛද්‍යවරුන්ගේ පළමු පත්වීම ලබාගැනීම ප්‍රමාද විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද කර ඇත.

පත්වීම් ලබාදීමේ පූර්ණ බලය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වන බව මෙහිදී මතක් කර දෙයි.

එබැවින් රජයේ උපදෙස්වලට අනුකූලව කටයුතු කර තම වෘත්තීය කටයුතු කඩිනම් කරගන්නා ලෙස මෙමඟින් වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබේ.