රෂිකා හෙන්නායක අප්‍රේල් 04 , කොළඹ LNW :
1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ නව මූලස්ථානය විවෘත කිරීමේ නිල උත්සවය පවත්වා තිබේ.
මෙම නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටා ඇති අතර, එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඇතුළු තවත් දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියහ.
ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මෙම නව පරිශ්‍රය ස්ථාපිත කර ඇත.
එය මෙරට හදිසි ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට ගත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.



