රෂිකා හෙන්නායක අප්‍රේල් 04, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යටතේ වෘත්තිකයන් බිහි කිරීම සඳහා රජය සහ මහජනතාව දරන අධික පිරිවැය පිළිබඳව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා කරුණු මහතා පවසයි.
විශේෂයෙන්ම, එක් වෛද්‍යවරයෙකු පුහුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 60 ක මුදලක් වැය වන අතර, එය ඉංජිනේරුවෙකු සඳහා වැය වන මුදල මෙන් දෙගුණයක් බව ඒ මහතා කියා සිටී.
පුද්ගලයාගේ මූල්‍ය ශක්තිය මත ජීවිතය තීරණය නොවන නිදහස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.
එලෙසම, රජයේ රෝහල් පද්ධතිය තුළ සේවය කරන දහස් සංඛ්‍යාත වෛද්‍යවරුන්ගෙන් සමාජය සුවිශේෂී වගකීමක් සහ සේවාවක් අපේක්ෂා කරන බව ද සඳහන් කරයි.



