ට්‍රම්ප් සමඟ ඇති සම්බන්ධය අලුත්වැඩියා කළ නොහැකි විය හැකි බව අගමැති ස්ටාමා කියයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහි ආරම්භක ප්‍රහාර සඳහා එක්සත් ජනපදයට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිතා කිරීමට අගමැති ඉඩ නොදීම, එක්සත් රාජධානියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් හා චාගෝස් දූපත් වල ස්වෛරීභාවය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් සමඟ එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමා අතර සම්බන්ධතාව පලුදු වී ඇත.

පසුගියදා එක්සත් රාජධානිය-ඇමරිකානු සබඳතා පහත් තත්වයකට පත් කරමින්, ට්‍රම්ප් ධවල මන්දිරයේ පාස්කු දිවා ආහාර කතාවකදී දුර්වල හඬකින් ස්ටාමා අනුකරණය කිරීම හා උපහාසයට බඳුන් කර එක්සත් රාජධානිය “අපගේ හොඳම” සගයා නොවේ යැයි පැවසීම හේතුවෙන් තත්වය මේවන විට තවත් නරක අතට පත්ව තිබේ.

අගමැති ස්ටාමා ට්‍රම්ගේ ප්‍රකාශ හමුවේ ඉවසීමෙන් සිටින අතර ඔහු සඳහන් කර තිබුණේ, දෙරට අතර සම්බන්ධතාවය නැවත අලුත්වැඩියා කළ නොහැකි විය හැකි බවයි. එමෙන්ම එක්සත් රාජධානිය පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපද ජනාධිපතිවරයා කිසි විටෙකත් එක්සත් රාජධානියෙන් යාත්‍රා ඉල්ලා නොසිටි බවත්, බ්‍රිතාන්‍යය ඒවා ලබා දී නොමැති බවත්ය.

කෙසේ නමුත්, එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ස්ටාමා ජනාධිපති ට්‍රම්ප් නොසලකා හැරීම නිවැරදි බවත්, සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේදැයි දැකීම දුෂ්කර බැවින් දැන් කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ කළ යුතු බවත්ය.