කොළඹ LNW:රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.
එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසන්නේ හෙට රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යමින් සිටින මෙම වැඩ වර්ජනය කිසිදු සාධාරණ පදනමක් නොමැති සාකච්ජා කිරීමට හෝ දෙයක් නොමැති දේශපාලන වුවමනාවක් මත සිදුකරන්නක් බවට විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.


