ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලට වසර 53 යි !

Date:

“71 කැරැල්ල” නමින් ප්‍රකට ජනතා විමුක්ති පෙරමුණේ පළමු සන්නද්ධ අරගලයට අදට (05) වසර 53ක් සපිරේ.

1971 අප්‍රේල් 05 වනදා අළුයම 05.30 ට වැල්ලවාය පොලීසියට එල්ල කරන ලද ප්‍රහාරයක් සමගින් මෙම කැරැල්ල ආරම්භ වූ අතර දිවයින පුරා පොලීසිවලට එකම මොහොතක පහරදී බලය අල්ලා ගැනීම සහ එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අත් අඩංගුවට ගෙන ජනතා විමුක්ති පෙරමුණේ කොමියුනිස්ට්වාදී විප්ලවීය රජයක් ප්‍රකාශයට පත්කිරීම මෙහි අරමුණ වී තිබිණි.

පක්ෂ නායක රෝහණ විජේවීර මහතා ඒ වනවිටත් සිරගතව සිටි අතර පක්ෂයේ සෙසු නායකයින් තීරණය කර තිබී ඇත්තේ අප්‍රේල් 05 වනදා රාත්‍රී 11.00 ට දිවයින පුරා පොලිසිවලට පහරදෙමින් කැරැල්ල ආරම්භ කිරීමට ය. කෙසේවෙතත් සන්නිවේදනයේ දුර්වලතාවක් උඩ වැල්ලවාය පොලිසියට එදින අළුයම ප්‍රහාරයක් එල්ල කෙරුණු හෙයින් සමස්ත සැලැස්ම කලින්ම හෙළිදරව් විය.

ඒ අනුව, දින කිහිපයක් තුළ අඩපණ කරනු ලැබූ කැරැල්ල මාසයක් තුළ සම්පූර්ණයෙන්ම මර්දනය කෙරිණි.

විරැකියාව සහ ආර්ථික පීඩනය හේතුවෙන් අපේක්ෂාභංගත්වයට පත්වූ තරුණ තරුණියන් දස දහස් ගණනක් මෙම කැරැල්ලට එක්ව සිටි අතර සැලකිය යුතු පිරිසක් එහිදී ඝාතනයට ලක්විය. තවත් විශාල පිරිසක් සිරගත කෙරිණි. කැරැල්ලට නායකත්වය දුන් පක්ෂ නායකයින්ට එරෙහිව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව නම් කොමිසමක් පිහිටුවා නඩුවක් අසනු ලැබූ අතර එය “මහ නඩුව” නමින් ප්‍රසිද්ධියට පත්විය. එයින් පක්ෂ නායකයින් රැසකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අතර පසුව බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් ඔවුන්ව නිදහස් කරන ලදී.

මෙම කැරැල්ලේදී මරණයට පත්වූ සටන් සගයින් සැමරීම “අප්‍රේල් විරු සමරුව” නමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් වෙන්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අදටත් සිදුකරති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...