සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීම : සැකකරුවන් 68 දෙනා නිදහස් කෙරේ

Date:

2022 මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී තත්වයන් අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට එම අධිකරණය ඊයේ (04) තීරණය කර තිබේ.

පළමු සහ දෙවැනි සාක්ෂිකරුවන් මියයාම සහ සිද්ධිය සම්බන්ධ වීඩියෝ සාක්ෂි මේ දක්වාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වීම මත මෙසේ සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුවිනි පෙරේරා මහතා පැවසුවේ.

“සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා බන්ධනාගාරගත වෙලා ඉන්න අවස්ථාවේදී තමයි මුල් තොරතුර සපයලා තියෙන්නෙ. ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු වීඩියෝ දර්ශන කිහිපයක් අනුසාරයෙන් කිහිපදෙනෙකුව හඳුනාගත්තා, නමුත් මේ වනතෙක් අදාළ ජංගම දුරකථනය හෝ එයින් පටිගත කරන ලද වීඩියෝ දර්ශන කිසිවක් අධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණෙ නෑ. ඒ අතරතුරේදී ප්‍රධාන සාක්ෂිකරු මියයාම හේතුකොටගෙන සහ ඉදිරිපත් වූ දෙවැනි සාක්ෂිකරු ද මියයාම හේතුකොටගෙන මෙම නඩුව ඉදිරියට ගෙනයාමට අවස්ථාවක් ලැබුණෙත් නැහැ. ඊට අමතරව ගරු අධිකරණය ආරච්චිකට්ටුව පොලිසියෙන් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව කරුණු විමසීමේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත්වෙන ලබාදුන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි හලාවත පොලිසියෙන් ද මේ පිළිබඳ විමර්ශන කටයුතු ඉදිරියට පැවැත්වීම පිළිබඳව නිසි පිළිතුරක් අධිකරණයට ලබාදුන්නේ නෑ. එතකොට දැන් තියෙන ප්‍රධාන සාක්ෂි නොමැතිව මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ” යැයි නීතීඥවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...

සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...