*
Friday, November 22, 2024
spot_img

Latest Posts

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගේ අලුත් ප්‍රකාශය රහස්‍ය ලේඛනයක් වෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතභාවය පිළිබඳ අධිකරණයට සුවිශේෂී වගකීමක් ඇති බැවින් පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගැනීමට සිදුවන බව මාළිගාකන්ද මහ‍ෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය ඊයේ (04) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.

ඒ පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුද යන්න තමා දන්නා බවට හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ නීතිකෘත්‍ය කැඳවූ අවස්ථාවේ දී ය.

අදාළ නීතිකෘත්‍ය කැඳවුණේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් තොරවයි.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවත්, අධිකරණයෙන් නියෝගයක් දෙන්නේ නම් ඒ පිළිබඳ කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාර්තු 22 කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.
එම ප්‍රකාශය මත පදනම්ව නීතිපති උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පසුගියදා කරුණු ගොනු කළේ ඒ අනුව යි.

හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අප්‍රේල් 03 වෙනිදා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධව සවිස්තරාත්මක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බැවින් අධිකරණය ඉදිරියේ නැවත ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

ඒ අනුව ඊට අදාළ නීති කෘත්‍ය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ පස්වරුවේ යළි කැඳවුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොමැතිව යි.
නඩුව ආරම්භයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

“ස්වාමීනි, මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටමත් සිදුකර ඇති ප්‍රකාශයේ සත්‍ය, අසත්‍යතාව ගැන අපි පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. ලබාදුන් ප්‍රකාශයේදී සඳහන් කළ දුරකථන අංක සහ CCTV යන්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් පර්යේෂණ සාක්ෂි ලබාගැනීමට අවසර ඉල්ලා සිටිනවා. ස්වාමීනි, තොරතුර සහ තොරතුරුකරු පිළිබඳ විශේෂ අවධානයක් දී තිබෙනවා. ඒ කරුණු සනාථ කර වාර්තා කරන තුරු නීති කෘත්‍ය ඔබතුමිය සතුව තබාගන්න” ඔවුන් පැවසුවා.

අනතුරුව අගතියට පත් පාර්ශ්ව වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන වෙනුවෙන් පෙනිසීටි නීතිඥ රජිත ලක්මාල් මහතා කරුණු දැක්වීමක් සිදු කළේය.

“ස්වාමීනි, මේ පුද්ගලයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වගකිවයුතු අයෙක් බවට පත්වෙලා තවමත් වන්දි ගෙවමින් සිටින කෙනෙක්. ඔහු තමයි හදිසියේම ප්‍රකාශයක් කරලා කියන්නේ ‘මාව ඕන අධිකරණයකට කැඳවන්න, කැඳෙව්වාම මං ඒ විනිසුරුතුමන්ට කියන්නම්’ කියලා. පසුව ඔහු CIDයට ඇවිත් කියනවා අධිකරණයට ඇවිත් වැඩිමනක් කරුණු කියන්න තමන් සූදානම් කියලා. අධිකරණයට එන්න සූදානම් බව දැනුම්දීලා ඒ අතරතුර ස්ථාවරය වෙනස් කරලා” යි නීතීඥවරයා පවසා තිබෙනවා.

එහිදී මහෙස්ත්‍රාත්වරිය පෙරදින නඩු වාර්තාව උපුටා දක්වමින්, “ඔහුට මහෙස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් ලබාදීමට තිබූ තදබල වුවමනාව නීතීඥ උපදෙස් මත ලබානොදීමට තීරණය කර ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ‍ප්‍රේමරත්න පැවසුවා” යනුවෙන්.

අගතියට පත් පාර්ශ්වය, ඉන් පසුව යළිත් අධිකරණයට කරුණු දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරන ලදී.

“මේ පුද්ගලයා සැරින් සැරේ කරන ප්‍රකාශ තුළින් සමාජයේ ආන්දෝලනාත්මක තත්ත්වයන් ඇතිවෙනවා. එක්කෝ මේක අසත්‍ය ප්‍රකාශයක්, නැත්නම් දැනගෙන වසන් කරනවා. ස්වාමීනී, දණ්ඩ නීති සංග්‍රහයේ 11 වැනි පරිච්ඡේදය ප්‍රකාරව 199 වගන්තිය, වරදක් කර ඇති බව දැන දැනම හෝ ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී එකී වරද පිළිබඳ දැනුම්දීමට නීතියෙන් බැඳී ඇතිව එය පැහැර හරිනු ලැබුවහොත් ඔහු මාස හයක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමක් කළ හැකියි.
‘එමෙන්ම ස්වාමීනි 200 වගන්තිය අනුව, වරදක් කර ඇති බව දැන දැනම හෝ ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී, යමෙකු අසත්‍ය තොරතුරක් සපයනු ලැබුවහොත් අවුරුදු දෙක දක්වා කාලයකට බන්ධනාගාරගත කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතිනවා. ඒ අනුව ඔහු අසත්‍ය කියා ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා”
යි ඔවුන් සඳහන් කරන ලදී.

මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සංදීප් සූරියආරච්චි පැවසුවේ, තම සේවාදායකයා අධිකරණයට ප්‍රකාශ ලබානොදීම විමර්ශනයට බාධාවක් නොවන බවයි.

අගතියට පත් පාර්ශ්වය, නඩුවට අදාළ නඩු වාර්තාව ලබාගැනීමට අවසර ඉල්ලා සිටියත් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය දැනුම් දුන්නේ, නඩුවේ බී වාර්තාව තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ සංවේදී කොටස් අන්තර්ගත බැවින් ඒවා රහසිගතව තබාගන්නා ලෙස පැමිණිල්ල ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතභාවය පිළිබඳ අධිකරණයට සුවිශේෂී වගකීමක් ඇති නිසා සුදුසු කාලයක් එය රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගැනීමට සිදුවන අතර එහි සත්‍ය අසත්‍යභාවය සෙවිය යුතු බවත් මහ‍ෙස්ත්‍රාත්වරිය පවසා තිබුණි. මේ අතර විමර්ශන කඩිනම් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය නඩුව යළි මැයි මස 10 වනදා දක්වා කල් තැබීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan