පළමු වරට උතුරු ගාසාවේ එරෙස් ගේට්ටුව හා ඈෂ්ඩොඩ් වරාය මානුෂීය බෙදාහැරීම් සඳහා විවෘත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා නව මාර්ග විවෘත කරන බව පවසයි.

මානුෂීය ආධාර ලබා දීම සඳහා ගාසා තීරයට මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායලය කියා සිටී.

මේ අනුව උතුරු ගාසා තීරයේ එරෙස් ගේට්ටුව හා ඈෂ්ඩොඩ් වරායද මානුෂීය බෙදාහැරීම් සඳහා විවෘත වනු ඇති.

මෙම මාර්ග විවෘත කෙරෙන්නේ, යුද්ධය ආරම්භයේ සිට පළමු වරටයි.