කර්මාන්ත අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): අද දින (05) කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වූ ශාන්ත වීරසිංහ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේදීසිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

2000 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඔහු පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන අතර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමට පෙර ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ශාන්ත වීරසිංහ මහතා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් හා ප්‍රාදේශීය ලේකම්වරයක් ලෙසත් ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකවරයක් ලෙසත් කටයුතු කරඇති බව සඳහන් වේ.

මීට අමතරව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂක හා ජේෂ්ඨ සහකාර ලේකම් තනතුරු හෙබවූ ඒ මහතා ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ජේෂ්ඨ උපදේශකයෙක් ලෙසද කටයුතු කර ඇත,

ජාතික හා පළාත් ඵලදායිතා සම්මාන උළෙල වලදී විශේෂ ඇගයීම් වලට ලක්වූ වීරසිංහ මහතා 2014 – 2015 වසර වලදී ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙන අතර, කැලණිය විශ්ව විද්‍යාලයෙන් තම පළමු උපාධිය හිමිකරගත් ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධි හිමිකරගෙන ඇති අතර මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්වය පිළිබඳව ආචාර්ය උපාධිය හදාරමින් සිටියි.

කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක් වන කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ශාන්ත වීරසිංහ මහතා කළමනාකරණය, ඵලදායිතාව, සැලසුම්කරණය, ව්‍යවසායකත්වය, මානව විභවකරනය ආදී ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් රැසක් ඇති නිලධාරියෙක් වන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...