ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු පැනවීමත් සමඟ කොටස් වෙළඳ පොළ දර්ශකයන් සීග්‍රයෙන් පහතට

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද තීරුබදු වලට චීනය ප්‍රතිචාර දැක්වීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු රටවල් ගණනාවක කොටස් වෙළඳ පොළ දර්ශකයන් සීග්‍රයෙන් පහළ වැටි ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් චීනය වෙනුවෙන් 54%ක තීරුබදු පනවා තිබු අතර ඊට සාපෙක්ශව චීන විසින් ඇමරිකානු භාණ්ඩවලට 34% ක ආනයන බදු පැනවීම, ප්‍රධාන ඛනිජ අපනයන සීමා කිරීම සහ ඇමරිකානු සමාගම් එහි අසාදු ලේඛනයට එකතු කිරීම හේතුවෙන් කොටස් වෙළඳ පොළ දැඩි කැළඹීමට ලක්ව ඇත.

එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශක තුනම 5% කට වඩා පහත වැටුණු අතර, S&P 500 6% කින් පමණ පහත වැටුණු අතර එය 2020 සිට එක්සත් ජනපද කොටස් වෙළඳපොලේ අඩුම පහත වැටීම සනිටුහන් කරන ලදී.

එක්සත් රාජධානියේ, FTSE 100, 5% කින් පමණ පහත වැටුණු අතර එය පසුගිය වසර පහක කාලය තුළ එහි තියුණුම පහත වැටීමයි.

මිට අමතරව ජර්මනියේ සහ ප්‍රංශයේ හුවමාරු සමාන පහත වැටීම් වලට මුහුණ දුන් අතර ගෝලීය කොටස් වෙළඳපොළට ට්‍රිලියන ගණනක වටිනාකමක් අහිමි වී ඇත. චීනය, යුරෝපීය සංගමය සහ වියට්නාමය වැනි ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් හා ආසියානු වෙළඳපොළ දර්ශකයන් ද පහත වැටුණු අතර රටවල් විශාල ප්‍රමාණයක නිෂ්පාදන බොහෝ ඉහළ අනුපාතවලට මුහුණ දී ඇත.

මෙම බදු පැනවීම 1968 සිට එක්සත් ජනපදයේ සිදු වූ විශාලතම බදු වැඩිවීමට සමාන බව විශ්ලේෂකයන් පවසන අතර මෙම පියවර වෙළඳාමේ හැකිලීමකට තුඩු දෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන අතර, ඒවා බොහෝ රටවල් ආර්ථික අවපාතයකට ඇද දැමිය හැකි බවට අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...