Home දේශපාලන පුවත් කටකතා රනිල් හෙට යළි දිවයිනට

රනිල් හෙට යළි දිවයිනට

හෘද සැත්කමක් සඳහා සිංගප්පූරුව බලා ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (06) දිනයේදී යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් ඉදිරි සති කිහිපය තුළ ජනතාව අතරට නොයා විවේක ගන්නා ලෙස ඒ මහතාට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව සඳහන්.

වික්‍රමසිංහ මහතා මාර්තු 15 වනදා සිංගප්පූරුව බලා මෙරටින් පිටව ගිය අතර ඔහු මාර්තු 18 වනදා එරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය විය.