නිශ්මං රණසිංහ ,අප්‍රේල් 05, කොළඹ LNW:
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 පහළ විස්සයි විස්ස සහ එක්දින තුන් කොන් තරගාවලිවලට සහභාගි වන්නට ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් 8 වන දා පළමු තරගය සඳහා ක්‍රීඩා කරයි.එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ එංගලන්ත කණ්ඩායමයි.එහිදී ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ අභියෝගයටද මුහුණ දෙන්නට සිඳුවනු ඇත.එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් තරගයට පිවිසෙන වීනස් වීරප්පුලි තවමත් 16 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකාවකි.
මෙම තුන්කොන් තරගාවලිය ආරම්බභ වන්නේ හෙට ය.(අප්‍රේල් 07) එහිදී පළමු තරගයට ක්‍රීඩා කරන්නේ 19 න් පහළ එංගලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායමය.චමෝදි ප්‍රබෝධා ගේ නියකත්වයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට පහත සඳහන් නම් ක්‍රීඩිකාවන් ඇතුළත් කර ඇත.
- චමෝදි ප්‍රබෝධා (නායිකාව)
- විමොක්ෂා බාලසූරිය
- සංජනා කාවින්දි
- උමයන්ගනා පීරිස්
- නෙතඟි ඉසුරංජලී
- ශෂිනි ගිම්හානි
- ප්‍රමුදී මෙත්සරා
- ලිමන්සා තිලකරත්න
- නෙත්මි උපේක්ෂා
- අසේනි තලගුණේ
- චමෝදි හේරත්
- දනෝද්‍යා සෙව්මිණි
- යෙෂාලි ජිතාරා
- ඩාරියා දිසානායක
- ශායනි තෙන්නකෝන්
පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් වන එංගලන්ත සංචිතය පහතින් දක්වා ඇත.
මොලී ඇඩම්ස්,
මාරියා ඇන්ඩෲස්,
දියා බැජ්,
සොෆී බීච්,
එලිසා බ්‍රිස්ටෝව්,
ඔලිවියා කන්ලිෆ්,
බ්‍රයෝනි ගිල්ග්‍රාස්,
ජෙනරල් ජීර්,
ටෲඩි ජොන්සන්,
එවා ඕනේල්
ඇමීලියා ඔලිවර්,
ශ්‍රිස්ති පටිල්,
ප්‍රාර්ථනා රෙඩ්ඩි,
ක්ලාරා තකර්,
වීනස් වීරප්පුලි
සහ
බී විලිස්
ඉහත එංගලන්ත සංචිතයෙන් හෙට තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානුවන් 11 දෙනා තෝරා ගන්නා ලබන ඔස්ට්‍රේලියානු සංචිතය පහතින් දක්වා ඇත.
ටෙගන් විලියම්සන්
ඉරා ඒරි
ඊවා බෙයාර්ඩ්
මියා බාර්වික්
ඇලිසා ඩර්මෝඩි
අවා ඩ්‍රූරි
අයිලා ජොන්සන්
ෂිලෝ ජූලියන්
අරෝරා මැව්රොස් (
ඉන්දිරා පැනෙලි
එමිලි පවෙල්
චෙල්සියා සොන්ටර්
අයාකා ස්ටැෆර්ඩ්
පිලිප්පා සූසී
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා නායිකාව,ඔස්ටේල්යානු නායිකා ටෙගන් විලියම්සන් සහ තවමත් නිශ්චිත නායිකාවක් ඇති බවට පිළිතුරක් නැති එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන ලාංකේය සම්භවයක් ඇති වීනස් වීරප්පුලිය.
මේ අතර පැවති පුහුණු තරගයකදී එංගලන්තය පරාජය කර කඩුලු 3 ක් ජයක් ලබන්නට ඔස්ට්‍රේලියාව සමත් විය.



