රෂිකා හෙන්නායක අප්‍රේල් 05, කොළඹ LNW :
ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමත් සමඟ ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල ගණන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.
මෙම මිල ඉහළ දැමීම යටතේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රු. 4,765කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රු. 1,910ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 890කි.
මිල ඉහළ ගියද, ඉදිරි මාස සඳහා අවශ්‍ය ගෑස් තොග දැනටමත් ඇණවුම් කර ඇති බැවින් දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විටත් විදෙස් රටවලින් ගෑස් මෙට්‍රික් ටොන් දහස් ගණනක් රැගත් නෞකා කිහිපයක් මෙරටට ළඟා වෙමින් පවතින බව සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.





