වෛද්‍ය චමල් සංජීව යළි සේවයේ පිහිටුවීමට නිර්දේශ

0
264

වැඩ තහනමකට ලක්ව සිටින වෛද්‍ය සංජීව මහතා යළි සේවයෙහි පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ පවතින ළමා මන්දපෝෂණ තත්වය පිළිබඳ කරුණු මාධ්‍ය වෙත අනාවරණය කිරීම හේතුවෙනි.

මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම පෙත්සමක් ගොනු කිරීමට ද වෛද්‍යවරයා කටයුතු කර තිබිණි.

RN